15 March, 2017

නෙදර්ලන්ත මහ මැතිවරණය අද

Netherland-VVD-PVV

නෙදර්ලන්ත මහ මැතිවරණය අද පැවැත්වෙනවා. එක්කෝටි තිස් ලක්ෂයක පිරිසක් මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ.

නෙදර්ලන්තය තුළ සංක්‍රමණික විරෝධී ජනමතය
උරගා බැලීමේ සටහනක් ලෙස මෙවර මැතිවරණය සැලකෙනවා.

ඉකුත් සති අන්තයේ තුර්කිය සමග ඇති වූ ගැටලුවත් සමග සංක්‍රමණ හා ජාතිවාදය එරට දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කරුණු බවට පත්ව තිබෙනවා.

අගමැති මාර්ක් රාට්ගේ මධ්‍ය දක්ෂිණාංශික VVD පක්ෂය හා යුරෝපා සංගමයට මෙන්ම, ඉස්ලාම් දහමට එරෙහි PVV හෙවත් නිදහස් පක්ෂ අතර තියුණු සටනක් පවතිනවා.

_රූපවාහිනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නෙදර්ලන්ත මහ මැතිවරණය අද"

    Post a Comment