පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ බවට චෝදනා ලැබූ දහඅට හැවිරිදි චීවරධාරියකු රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් නැවත ජුනි හය වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසත් පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පසුගිය දා නියෝග කළේය.
පාසල් සිසුවිය ලක්‍ෂයක ශරීර ඇපයක් මත පරිවාස අධීක්‍ෂණය භාරයේ මවට භාර කළේය.
වීරකැටිය හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ගිහි පදිංචිව සිට මොරටුව මෝදර ප්‍රදේශයේ විහාරස්‌ථානයක වාසය කරන චීවර ධාරියකු සැකකරු විය.
සැකකාර චීවරධාරියා බෝධි පූජා කරන මුවාවෙන් සිය දියණිය සමඟ සම්බන්ධකමක් පවත්වා ඇයව ප්‍රදේශයෙන් බැහැර ස්‌ථාන කිහිපයකට
රැගෙන ගොස් ඇති බවත්, එවිට චීවරය නොමැතිව කලිසම් කමිස හැඳගෙන ගොස් ඇති බවටත් පාසල් සිසුවියගේ මව පොලිසියට පැමිණිලි කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
පානදුර දකුණ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක රූපරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සිදු කළ පානදුර දකුණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්‍ෂක ඉරේෂා කුමාරි, කාන්තා පොලිස් කොස්‌තාපල් 9574 ගයත්‍රි පාසල් සිසුවිය පිළිබඳව පානදුර මූලික රෝහලේ අධිකරණ විශේෂ වෛද්‍ය පී. බී. දසනායක මහතා වෙතින් වෛද්‍යවාර්තාවක් ලබා ගත්තාය.
වෛද්‍ය වාර්තා සහ සාක්‌කි සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූයේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් සැරයන් සරත්චන්ද්‍ර මහතා විසිනි.
-පානදුර - විජිතා ලියනගේ_දිවයින

Share this
|
|
0 Comment to "බෝධි පූජා කරන මුවාවෙන් දැරියක් ස්‌ථාන කිහිපයකට ගෙන ගොස් අපහරණය කළ චීවරධාරියා"
Post a Comment