මැලේසියාවේදී ඝාතනයට ලක් වූයේ උතුරු කොරියානු නායකයාගේ සොහොයුරු කිම් ජොන්ග් නම් නොවන බව එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු නිත්‍ය නියෝජිත කිම් ඉන්-යොන්ග් ප්‍රකාශ කරයි.
මේ අතර කිම් ජොන්ග් නම් ගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විවිධ තීන්දු තීරණ ගත්තද ඔහුගේ මෘත ශරීරය භාර ගැනීමට මෙතෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ වෙන කිසිවකු ඉදිරිපත්ව නැති බව මැලේසියානු රජය පවසයි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජොන්ග් නම් මීට මාසයකට පෙර ඝාතනය කෙරුනේ දරුණුතම විෂ ශරීර ගත කිරීමෙනි.
මැලේසියානු බලධාරීන් පවසන්නේ ඔහුගේ මෘත ශරීරයට කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීමට පෙර, එය භාර ගැනීම සඳහා
ඉල්ලුම් කිරීමට ඥාතීන්ට තවත් සති දෙකක් හෝ තුනක් කාලය ලබා දෙන බවයි.
කිම් ජොන්ග් නම් ගේ භාර්යාව සහ දරුවන් උතුරු කොරියාවෙන් පිටමංව ජීවත් වන බව වාර්තා වන අතර ඔහුගේ පුත්‍රයා විසින් මීට දින කිහිපයකට පෙර වීඩියෝ පටයක් අන්තර්ජලායට මුදා හරිමින් ඔවුන් ආරක්ෂිතව සිටින බව ප්‍රකාශ කළේය. ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිදු සඳහනක් නොමැතිව වීඩියෝව නිකුත් කර ඇති අතර බ්‍රිතාන්‍ය ඌරුවට ඉංග්‍රීසි බසින් කතා කරමින් ඔහු තම මව සහ සහෝදරිය සමග වාසය කරන බව එහි සඳහන් කර ඇත.
කෙසේ වුවත් උතුරු කොරියාවේ නායකත්වයට උරුමකම් කියන පුද්ගලයන් එහි වත්මන් නායක කිම් ජොන්ග් අන් ගේ ඉලක්ක බවට පත් වී ඇති බැවින් ම් කිම් හන් සොල් ගේ ජීවිතයද අනතුරේ බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
නමුත් ඔවුන් කිසිවෙකු නාම්ගේ මෘත ශරීරය ලබාගැනීමට ඉල්ලීම් කර නැතත්, උතුරු කොරියාව නාම්ගේ මෘත ශරීරය ඉල්ලා සිටී.
බී. බී. සී

Share this
|
|
0 Comment to "උතුරු කොරියා නායකත්වයට උරුම කියන තවත් ජීවිත අවදානමේ"
Post a Comment