14 March, 2017

‍පොලිස් නිලධාරියාට පහරදී වසර 5කට පසු කොටුවෙයි

arrest-police-sl-02

මීට වසර පහකට පමණ ඉහතදී ‍පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධාකොට ඔහුට පහරදී බරපතළ තුවාල සිදුකොට සැඟවී සිටි සැකකරුවෙකු ගාල්ල ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (13) අළුයම කළුතර නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 28 හැවිරිදි වියේ පසුවූ අයෙකි. මොහු ගාල්ල ‍පොලීසියේ සේවය කළ මෙම ‍පොලිස් නිලධාරියාට පහරදී බරපතළ තුවාල සිදුකොට තිබුණි. එවකට මොහු ගාල්ල වැලිපිටිමෝදර
ප්‍රද්ශයේ පදිංචිව සිටි අතර මෙම සිද්ධියෙන් පසු මොහු විදේශගතවී ඇත.

පසුව සැකකරුගේ දෙමව්පියන් වැලිපිටිමෝදර ප්‍රදේශයේ තිබූ නිවස විකුණා කළුතර නාගොඩ ප්‍රදේශයෙන් නිවසක් මිලදීගෙන එහි පදිංචිව සිට තිබේ. මීට වසරකට පමණ පෙර සැකකරු විදේශගතව සිට පැමිණ ඇති බැව් ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ගාල්ල මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක උදයකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.‍පො.ප. නිමල් ඇතුළු නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

සැකකරු ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

-කමල් විජේහේවා - ගාල්ල_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "‍පොලිස් නිලධාරියාට පහරදී වසර 5කට පසු කොටුවෙයි"

    Post a Comment