14 March, 2017

ලිංගාශ්‍රිත රෝග වැළඳෙන හේතුව පොලිසිය පහදයි

Couple-Sex-man-looking-worried-sitting-on-bed-with-woman

මවුපියන් සිය දරුවන් පිළිබඳව නිසි අධීක්‍ෂණයක්‌ නොකිරීමත් පාසල තුළදී ශිෂ්‍යයන්ට විෂයන් සියල්ලම ඉගැන්වීමට පියවර නොගැනීමෙන් දරුවන් නිදැල්ලේ ගැවසීමත් සහ ලිංගාශ්‍රිත රෝග ඇතිකරන කටයුතුවල නිරත වන බවත් වෛද්‍ය සහ පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එච්. අයි. වී ආසාදිතයන් බවට පත් වූ පාසල් දරුවන් දෙදෙනා ගැන නිවසේදී මවුපියන් ද පාසලේදී ගුරුවරුන් ද නිසි අවධානයක්‌ යොමු කළේ නම් ඔවුන්ට එවැනි ෙ€දනීය ඉරණමක්‌ අත් නොවන බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

එච්. අයි. වී. ආසාදිත තත්ත්වයට පත් වූ එම දරුවන් දෙදෙනාට පාසලේදී දිනකට විෂයයන් දෙකක්‌ හෝ තුනක්‌ පමණක්‌ උගන්වා ඇතැයි ද
පාසල් වේලාවේ මොවුන් නිදැල්ලේ හැසිරෙන ආකාරයක්‌ දක්‌නට තිබූ බව ද පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම දරුවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ වේශනිරූපණ ශිල්පියා තවත් දරුවන් සමඟ ද සම්බන්ධකම් පවත්වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

එම දරුවන් පිළිබඳ සොයා බැලීමට පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.

එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් විශාල පිරිසක්‌ රජයේ රෝහල්වල සායනවලට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බවට වාර්තාවේ.

කළුතර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස භාර කාන්තා හා ළමා කාර්යංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

-විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලිංගාශ්‍රිත රෝග වැළඳෙන හේතුව පොලිසිය පහදයි"

    Post a Comment