27 March, 2017

බැටින් හදා ගත්තු හැටි ගැන තිසර කියයි

Thisara Perera-05

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් හිමි වුයේ නැත.නමුත් ඔහු එම කාලය තුල වැඩි කාලයක් ගත කලේ ක්‍රිකට් ක්‍රීඩාව සමග විස්සයි - 20 තරඟ වලට සහභාගී වෙමිනි.ඕස්ට්‍රේලියාවේ පැවති බිග්බෑෂ් තරඟාවලිය මෙන්ම පකිස්තාන සුපර්ලීග් තරගාවලියත් තිසරට තම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවස්තාවක් වී ඇති බව තිසර පවසයි.

“ගොඩ කාලෙකට පස්සේ මට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලැබිල තියනවා,මම ලංකාවට සෙල්ලම් කරපු නැති කාලේ මගේ ක්‍රිකට් නතර වුනේ නෑ. විස්සයි - 20 ලීග වල සෙල්ලම් කළා,එක මට ගොඩක් උදව්වුනා මගේ දක්ෂතා එක මට්ටමක පවත්වාගෙන යන්න.මම හිතන්නේ නැවත ලංකාවේ කණ්ඩායමට කැඳවන්නත් ඒ තරඟ වල පෙන්නපු දක්ෂතා තමයි හේතු වුනේ.”

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් තිසර ක්‍රිස් ගේල් මෙන් නිදහස් ක්‍රීඩකයෙකු වීමේ අදහසක් තිබේ දැයි ඇසු විට තිසර පවසා ඇත්තේ.

“ඇත්තටම මම ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න තමයි හැම වෙලාවේම උත්සාහ කරන්නේ,කණ්ඩායමේ නැති වෙලාවට මට ලැබෙන හැම තරඟයම මම සෙල්ලම් කරන්න උත්සාහ කරන්නේ මොකද මගේ රැකියාව තමයි ක්‍රිකට්”

ලෝකය පුරා තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් තිසර ලබන දේ පිළිබඳවත් ඔහු ප්‍රකාශ කර ඇත.

“ඇත්තටම විස්සයි - 20 ලීග වලට සෙල්ලම් කරන්නේ ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ,ඔහුන් එක්ක සෙල්ලම් කරලා ලබන අත්දැකීම් මිල කරන්න බෑ,අනිත් එක ශ්‍රී ලංකාවේ ගොඩක් ක්‍රීඩකයන්ට මේ අවස්තාව ලැබෙන්නෙත් නෑ.”

පසුගිය කාලයේ පිතිහරඹය පිලිබදව වැඩි අවදානයක් යොමු කර පිට ඉන්න පැත්තේ පහරවල් එල්ල කිරීමේ තිබු අඩු පාඩු හදාගත් බවත්,පිතිකරණ අනුපිලිවලේ ඉහලින් අවස්ථාව ලැබෙන හැම අවස්ථාවකම තමන් සතුටු වන බවද තිසර පවසා ඇත.

මෙම වසරේ IPL අහිමි වීම පිළිබඳව දුකක් නැති බවත් වසර 7ක් IPL නිසා අලුත් අවුරුද්ද තම පවුලේ අය සමග සැමරීමේ අවස්ථාව අහිමි වුවද මේ වසරේ ඒ අවස්ථාව ලැබීම නිසා තමා සතුටු වන බවද තිසර පවසා ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බැටින් හදා ගත්තු හැටි ගැන තිසර කියයි"

    Post a Comment