27 March, 2017

ඇමති පාඨලීගේ රියේ ගැටුණු සන්දීප් යළි රෝහලට

patali-sandeep

මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල රියක ගැටී රාජගිරියේ සන්දීප් සම්පත් තරුණයා බරපතළ තුවාල ලැබුවා.

අනතුරින් පසුව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සන්දීප් ඉන් අනතුරුව රාගම පුනුරුත්තාපන රෝහලේද දිගුලකායක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

අනතුරුව මදක් සුවය ලබා සිය නිවසට ගොස්‌ සිටි සන්දීප් ඊයේ (26 දා) උදැසන යළි ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔහුගේ දකුණු අත සැත්කමකට භාජනය කිරීම සඳහා බවයි ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ

අනතුරෙන් පසු තවමත් තම පුත්‍රයාට සමබරව ඇවිදීමට නොහැකි වී ඇති බව ද දයානන්ද ගුණවර්ධන මහතා එහිදී පවසා තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇමති පාඨලීගේ රියේ ගැටුණු සන්දීප් යළි රෝහලට"

    Post a Comment