28 March, 2017

එක විශාඛා - දෙක මහාමායා - තුන ආනන්ද - සාමාන්‍ය පෙළ දක්ෂයන් මෙන්න

School Students Girl Boy-03

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හොඳම ප‍්‍රතිඵල ලාභින්ගේ නාම ලේඛනයද විභාග දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කළා. 

ඊට අනුව හොඳම ප‍්‍රතිඵලලාභීන් දස දෙනාගෙන් හත් දෙනෙකුම කාන්තා පාසල්වල ඉගෙනුම ලබන්නන්. මෙම ප‍්‍රතිඵල ලාභින් දස දෙනාම නගරයේ පාසල්වල ඉගෙනුම ලබන්නන් වීම ද විශේෂත්වයත් වනවා.

පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැසකුවෙල්.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා.

තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධි මිරිස්සගේ.

හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි හිමිකර ගෙන තිබෙනවා.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩි. එම්. රනුමි දිසරණි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පස්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා.

හය වන ස්ථාන ලබා ගෙන ඇත්තේ ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ රන්දිණි ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ ඒ යසාරා උමාෂියි. (නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එක විශාඛා - දෙක මහාමායා - තුන ආනන්ද - සාමාන්‍ය පෙළ දක්ෂයන් මෙන්න "

    Post a Comment