මෙම කාන්තාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ සිය පෙම්වතා විසින් තමාව විවාහ කරගැනීමට නොහැකි යැයි පැවසීම හේතුවෙන් බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයට ලක්වූ 32 හැවිරිදි ජයකුමාර් පුරුෂෝත්තම් නැමැත්තා පවසා ඇත්තේ තමා හා සිය හිටපු පෙම්වතිය වන ලිඩියා යෙෂ්පොල් ආගම් දෙකක බැවින් සිය දෙමාපියන් මෙම විවාහයට අකමැත්ත පළ කර සිටි බවයි. ඒ හේතුවෙන් සිවු වසරක් පුරා පැවති මෙම ප්‍රේම සම්බන්ධය මීට තෙමසකට ඉහතදී නැවැත්වූ බවත් ඔහු පොලිසියට පවසා තිබේ.
ඇසිඩ් ගැසීමෙන් අනතුරුව ඇය ඔහුගේ මුහුණ ද කපා ඇති අතර, මුහුණේ දකුණු පෙදෙසට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් ඔහුගේ කන, කම්මුල හා නළල පිළිස්සී තිබේ. අවට
සිටියවුන් එක් වී ඔහුව කඩිනමින් රෝහල්ගත කර තිබේ.
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීම යන චෝදනා ලබා සිටින ලිඩියා, මේ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියි.
මේ අතර, බැංගලෝර් පොලිසිය පවසන්නේ වසර 12ක කාලයක් තුළ කාන්තාවක් විසින් පිරිමියෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව පැමිණිල්ලක් ලද පළමු අවස්ථාව මෙය බවයි.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ වසරකට ඇසිඩ් ප්‍රහාර 1,000ක් වැඩි ප්‍රමාණයක් සිදුවන බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙම සියලුම ප්‍රහාරයන් පාහේ එල්ල කර තිබුණේ කාන්තාවන්ටය.

-srilankamirror
Share this
|
|
0 Comment to "බඳින්න බෑ කිව් පෙම්වතාට, පෙම්වතිය ඇසිඩ් ගහලා!"
Post a Comment