24 January, 2017

ගේ මගේ..! හදන්න සල්ලි ලැබුණ හැටි දන්නෑ..! - ශෂී වීරවංශ

shashi-weerawansa

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසනවා.

මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි. 

ඇය විසින් සිදුකරන ලද ඉදිකිරීම් කටයුත්තක් සඳහා එම රුපියල් කෝටි තුනක පමණ මුදල වැය කර ඇත. එතරම් විශාල මුදලක් වැය කිරීමට ඇය මුදල් යොදාගත්තේ කෙසේද යන්න සම්බන්ධව හෙළි කර ගැනීම සඳහා අදාළ පරීක්ෂණය යටතේ ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණි. 

පැය කිහිපයක් ඒ ගැන ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබුවත් එම විශාල මුදල ඇයට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් මූල්‍යඅපරාධ කොට්ඨාසය සෑහීමකට පත්වන පරිදි ඇයට තොරතුරු හෙළි කිරීමට නොහැකි වූ බව පවසයි. අනතුරුව මේ පරීක්ෂණයට අදාළ වාර්තාව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් නීතිපතිවරයා වෙත යවා තිබෙනවා.

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගේ මගේ..! හදන්න සල්ලි ලැබුණ හැටි දන්නෑ..! - ශෂී වීරවංශ"

    Post a Comment