උස අඩි දෙකක් හා දිග අඩි දෙකහමාරක් පමණ වන මෙම හඳුන් දිවියා හොඳින් වැඩුණු පිරිමි සතකු බවත්, වාහනයේ ගැටීමෙන් දිවියාගේ පාදයකට හානි සිදුව තිබූ බවත් ගිරිබාව වනජීවී නිලධාරිවරයෙක් පැවැසීය. කෙසේ නමුත් තුවාල ලැබූ සත්ත්වයාට තවදුරටත් ප්‍රතිකාර සිදුකිරීම
සඳහා අනුරාධපුර, පණ්ඩුලගම පශු වෛද්‍ය මධ්‍යස්ථානයට මෙම හඳුන් දිවියා භාර දීමට ගිරිබාව වනජීවී නිලධාරින් කටයුතු කර තිබේ.
වනජීවී නියාමක කේ.ඩී.එස්.එන්. කනකරත්න, ඩී.එම්.එච්.ජේ. තිලකරත්න, සිවිල් ආරක්‍ෂක නිලධාරීන් වන ඩබ්.එම්. තිලකරත්න හා එච්.එම්. ළහිරු මධුසංඛ යන මහත්වරුන් මෙම හඳුන් දිවියා පශු වෛද්‍ය කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම_මව්බිම
Share this
|
|
0 Comment to "වාහනයක හැපුණු හඳුන් දිවියාට වන ජීවියෙන් සත්කාර"
Post a Comment