27 January, 2017

“වහාම පිටවෙන්න !”- තේරීම් කමිටුව අප්‍රිකානු පිටියේ වීරත්වය පෑ දික්‌වැල්ලව කොන් කළ හැටි

niroshan-dickwella-04

ඉකුත් වසර තුන ඇතුළත කිසිදු විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ශූරතාවක්‌ දිනා ගැනීමට අපොහොසත්ව සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවැනි විස්‌සයි විස්‌සයි තරගය කඩුලු පහකින් ජය ගත්තේ නිරෝෂන් දික්‌වැල්ලගේ සටන්කාමී අර්ධ ශතකය ද සමගයි.

දික්‌වැල්ල හතරේ පහර 10 ක්‌ සහ හයේ පහරක්‌ සමඟ ලකුණු 68 ක්‌ ලබා ගත්තේ පන්දු 51 ක්‌ වැය කරමින්.

තරගාවලිය පුරාවට දියත් කළ සුපිරි පිතිප්‍රහාරය හේතුවෙන් දික්‌වැල්ල තරගාවලියේ වීරයා සහ අවසන් තරගයේ වීරයා සම්මානයටද පාත්‍ර වුණා.

ඔහු පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොසිටියේ ඇයිද යන්න ඇසුවහොත් ලබා දිය හැකි පිළිතුරු දෙකක් තිබේ.

ඉන් පළමු වැන්න පසුගිය විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ලෝක ශුරතාව සඳහා ඔහුව තෝරා ගෙන ඒ සඳහා පිටත්වීමට ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ ආපසු යන ලෙස තේරීම් කමිටුවෙන් ලැබුණු දුරකථන පණිවිඩයයි.

දෙවැන්න තිලකරත්න ඩිල්ෂාන් සමුගත් අවස්ථාවේ ඕස්ට්‍රේලියාව සමග දඹුල්ලේ පැවති තරගය සඳහා පැමිණි අවස්ථාවේ තමන් නොදැනුවත්ව පැමිණි නිසා වහාම පිටව යන ලෙස තේරීම් කමිටු ප්‍රභලයා දුන් නියෝගයයි.

මෙවන් වාතාවරනයක් හමුවේ නිරෝෂන් දික්‌වැල්ල පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්නට නොලැබුණු බවයි පැවසෙන්නේ.

_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“වහාම පිටවෙන්න !”- තේරීම් කමිටුව අප්‍රිකානු පිටියේ වීරත්වය පෑ දික්‌වැල්ලව කොන් කළ හැටි"

    Post a Comment