21 November, 2016

ලිංගික වහලියන් 05ක් තියාගෙන සිටි 67 මහල්ලා පොඩි කෙල්ලන් 02ක් නිසා අමාරුවේ

ලිංගික වහලුන් ලෙස දැරියන් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු රඳවාගෙන සිටි 67 හැවිරිදි පුද්ගලයකු ලිංගික ජාවාරමට වරදකරු කර තිබෙනවා.

31 හැවිරිදි කාන්තාවක්, 21 හැවිරිදි කාන්තාවන් 02ක් සහ අවුරුදු 15 සහ 16 වයස්වල පසුවන දැරියන් දෙදෙනෙක් මොහු ලිංගික වහලියන් ලෙස රඳවාගෙන තිබෙනවා. 

අදාල දැරියන් දෙදෙනා මැදියම් රැයක නානා කාමරයේ ජනේලයෙන් පැනගොස් ගොස් FBI (Federal Bureau of Investigation) වෙත දුරකතනය ඔස්සේ කළ පැමිණිල්ලකට අනුවයි Richard Knider Jackson නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

backpage.com නමැති වෙබ් අඩවියක් ඔස්සේ අදාල කාන්තාවන්ගේ සහ දැරියන්ගේ ඡායාරූප ප්‍ර‍සිද්ධකර Richard Knider Jackson ඔවුන් අළෙවිකර තිබෙනවා. 

අදාල කාන්තාවන් සහ දැරියන් මොහු විසින් මත්ද්‍ර‍්‍ය පානයටද ඇබ්බැහිකර තිබෙනවා.

man-who-kept-05-sex-slaves

-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගික වහලියන් 05ක් තියාගෙන සිටි 67 මහල්ලා පොඩි කෙල්ලන් 02ක් නිසා අමාරුවේ"

    Post a Comment