24 October, 2016

රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන ‘වයස දහනවයේ’ සුරූපී කෝටිපතිනිය

නිරූපිකාවක් සහ රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ලොව පුරා ජනප්‍රිය කිලී ජේනර් පසුගිය අගෝස්තු 10 දා දහනව වැනි වියට පා තැබුවා.

තවමත් ලාබාල වියෙහි පසුවන මෙම සුරූපිනිය පසුගියදා තුන්වැනි නිවෙසත් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේ පිහිටි ඇය මිලදී ගත් වර්ග අඩි 12,000
ක ප්‍රමාණයකින් යුක්ත නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5ක්.

මේ නිවෙසෙහි නිදන කාමර 4ක්, නාන කාමර 4ක් සහ කාර්යාල කාමර, ඇතුළු නවීන පහසුකම් රැසක් තිබෙන අතර තවත් ආරංචිවල සඳහන් වන්නේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේම පිහිටි තවත් නිවසකට යෑමේ අදහසක් ද කිලීගේ සිතෙහි පවතින බවයි.

kylie-jenner

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන ‘වයස දහනවයේ’ සුරූපී කෝටිපතිනිය"

    Post a Comment