21 October, 2016

වසර 250000ට පෙරත් පිටසක්වළ ජීවීන් ඇවිත්! පළමුවරට මිහිපිටට ආ පියාඹන පීරිසියක කොටසක් හමුවෙයි!

වසර 250000ක් පැරණි හඳුනානොගත් යානයක කොටසක්යැයි සැකකරනු ලබන, ඇලුමිනියම් ලෝහයෙන් තනන ලද කැබැල්ලක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණ කරනවා.

1973දී රුමේනියාවේ Aiud නගරය ආශ්‍රිත Mures ගංඟාව අසල වැඩබිමක සේවයකරමින් සිටි පිරිසක් විසින් මෙම කැබැල්ල සොයාගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් ඒ පිළිබඳව මෙතෙක් ලොවට අණාවරණය කර නැත. 

මේ පිළිබඳව කරන ලද පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ එම කැබැල්ල වසර 250000ට වඩා පැරණි එකක් බවය.

මෙම කැබැල්ලේ ඇලුමිනියම් ලෝමය අන්තර්ගත වුවද නූතන මිනිසා මිහිපිටින් ඇලුමිනියම් සොයාගෙන ඇත්තේ මීට වසර 190ට පෙර එනම් 1825 වසරේදීය. 

ඒ හේතුවෙන් මේ පිළිබඳ අදහස් දක්වන විචාරකයින් පවසන්නේ මෙම ඇලුමිනියම් මිශ්‍රිත කැබැල්ල මිහිපිටට ආ පළමු පිටසක්වල යානයේ කොටසක් වියහැකි බවය.

මෙම කැබැල්ල අඟල් 7.8 දිග, අඟල් 4.9 පළල සහ අඟල් 2.8ක ඝණ කමකින් යුතු බවයි වාර්තා වන්නේ.

alt="1st-ufo" src="https://i1.wp.com/etthapics.files.wordpress.com/2016/10/1st-ufo.jpg?ssl=1&w=450">

 

 

 



_නෙත්ගොසිප්ඩේ-ලි මේල් ඇසුරෙනි 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වසර 250000ට පෙරත් පිටසක්වළ ජීවීන් ඇවිත්! පළමුවරට මිහිපිටට ආ පියාඹන පීරිසියක කොටසක් හමුවෙයි!"

    Post a Comment