20 October, 2016

නීතිඥවරුන් පවා කම්පනයට පත්කළ රුදුරු පාපතරයින් ‘දූෂණය කර මරා දැමූ‘ ලුසී (Photos)

ආර්ජන්ටිනාවේ නව යොවුන් වියේ තරුණියක ඉතා අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට එරෙහිව එරට වැඩකරන කාන්තාවන් සිය සේවාවලින් ඉවත්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.

16 හැවිරිදි ලුසියා පෙරේස් ඝාතනයට ලක්ව තිබුණේ මෙම මස මුලදී ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදීයි.

මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව පවසමින් පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පුරුෂයන් දෙදෙනෙකු විසින් මෙම තරුණිය රෝහලක් වෙත ගෙනැවිත් භාරදී තිබුණා.

රෝහල්ගත කිරීමට පෙර ඇය නහවා, ඇයට අලුත් ඇඳුම් අන්දවා ඇති බවයි පසුව අණාවරණය වී තිබෙන්නේ.

නමුත් පරීක්ෂාකිරීමේදී ඇය අතිශය භයානක ලිංගික අතවරයකට නතුව ඇති බව වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබෙනවා.

තිරිසනුන්ද ඉක්මවා යන ආකාරයෙන් අපරාධකරුවන් විසින් ඇය දූෂණය කර ඇති බවයි එහිදී අණාවරණය වූයේ.

අධික රුධිර වහනය වීම හේතුවෙන් රෝහල් ගත කර සුළු වේලාවකට පසුව මේ සොඳුරු තරුණිය සිය ජීවිතයට සමුදී තිබුණා.

මෙම අමානුෂික අපරාධයට එරෙහි කාන්තා පා ගමනක් ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් එයාර්ස් හිදී ඇරඹි තිබෙනවා..

මීට සහභාගී වන සියලු කාන්තාවන් කළු වර්ණයන්ගෙන් සැරසී පැමිණ ඇත්තේ සිය රාජකාරී වේලාවන් අතරතුරය.

ඇගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමට පෙර ඇයට මත්ද්‍රව්‍යයක් ලබාදී ඇති බවද අධිකරණයේදී කරුණු හෙළි වී තිතිබෙනවා.

මෙම නඩුව මෙහෙයවූ ප්‍රධාන අභිචෝදක ඉසබෙල් සැන්චේස් පවසා තිබුණේ, මෙවැනි ප්‍රකාශයක් කිරීම එතරම් වෘත්තීය ක්‍රියාවක් නොවුණත්, තමාද මවක් හා ගැහැණියක් ලෙස මීට පෙර ස්ත්‍රී දූෂණ නඩු රැසක් පිළිබඳ අත්දැකීම් තිබුණත් මේ ආකාරයේ අමානුෂික ක්‍රියාවක් අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මීට සමාන අමානුෂික තත්ත්වයක් පිළිබඳ නඩුවක් තම ජීවිතයේ මින්පෙර කිසිදා අසා නොතිබූ බවත්ය.

lucia-perez

lucia-perez-01

lucia-perez-02

lucia-perez-03

lucia-perez-04

lucia-perez-05

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නීතිඥවරුන් පවා කම්පනයට පත්කළ රුදුරු පාපතරයින් ‘දූෂණය කර මරා දැමූ‘ ලුසී (Photos)"

    Post a Comment