20 October, 2016

හැඳූනුම්පතේ ඡායාරූපයක් පෙම්වතා දුටුවා කියා 15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන

කන්කසන්තුරේ කීරමලේ ලිපිනයේ පදිංචි 15 හැවිරිදි සේකරම් දර්ශිකා නමැති පාසල් 15 හැවිරිදි සිසුවියක් සිය නිවසේදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව කන්කසන්තුරේ පොලිසිය පවසනවා.

පාසල් හැඳුනුම්පතක් සඳහා ලබා ගත් ඡායාරූප හයෙන් එකක් ආදරවන්තයා අතට පත්වීමේ ප්‍රශ්නයක් දුරදිග යෑම නිසා සිත් තැවුලට පත්වීම මීට මුල්වී ඇති බවයි පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

පියා අත්හැර යෑමෙන් පසු මව සමඟ හුදෙකලාව ජීවත් වූ මෙම සිසුවිය පෙරේදා (18) දහවල් 11.50ට පමණ මව සිය නිවෙසේ නොමැති අවස්ථාවක මෙලෙස ගෙල වැලලාගෙන තිබෙනවා.

අදාළ ඡායාරූපය ඇගේ මිතුරියක් විසින් මිය ගිය දැරියගේ පෙම්වතා අතට පත් කිරීමෙන් පසු, එය පාසල දක්වා දුරදිග යෑම හේතුවෙන් ඇය මෙසේ සිය දිවි හානි කර ගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ.

girl-hang

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හැඳූනුම්පතේ ඡායාරූපයක් පෙම්වතා දුටුවා කියා 15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන"

    Post a Comment