15 October, 2016

මරණ දඬුවම නියමවූ දුමින්ද සිල්වාට තවත් ලෙඩ ගොඩක්

බන්ධනාගාර ගතවූ දේශපාලනඥයන් රැසක් මේ වන විට බන්ධනාගාර රෝහලට හෝ මහ රෝහලට ඇතුළත් කරවා ඇතැයි වාර්තා වනවා.

මේ වන විට මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රී දුමින්ද සිල්වාට හදිසියේ උණ රෝගය වැලඳී පසුගිය දා රෝහල් ගත කළ අතර උණ රෝගය සුවවී ඇතත් උගුරේ සහ වෙනත් රෝගී තත්ත්වයන් ඇතැයි පවසමින් ඔහු තවදුරටත් රෝහලේම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරයකු වන ජයන්ත සමරවීර ද බන්ධනාගාර ගත කළ දිනයේම වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයකු වන සරත් වීරවංශට ද මේ වන විට පසුවන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ සොයුරු චානුක රත්වත්තේටද බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

duminda-silva-04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මරණ දඬුවම නියමවූ දුමින්ද සිල්වාට තවත් ලෙඩ ගොඩක්"

    Post a Comment