15 October, 2016

රාජාංගණය පොලිස් කොස්තාපල්වරයෙකුගේ සුපිරි වැඩක්

රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් අස්ථාන ගතවූ මුදල් පසුම්බියක් එහි හිමිකරුට යළි හිමිවූ පුවතක් රාජාංගණය අපට ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

අදාල මුදල් පසුම්බිය එහි හිමිකරුට ලබාදීමට කටයුතු කර තිබෙන්නේ රාජාංගණය පොලිස් කොස්තාපල්වරයෙකු වීම සුවිශේෂී සිදුවීමකි.

පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ සිය ගිණුමේ මුදලින් රුපියල් 170,300 ක මුදලක් ආපසු ලබාගැනීමෙන් පසු ඔහුගේ මුදල් පසුම්බිය මෙලෙස නැතිවී තිබුණා.

අනතුරුව මෙම මුදල් පසුම්බිය ලැබී තිබුණේ වැටලීමකට යමින් සිටි රාජාංගණය පොලිසියේ වයි.එම්.එස්.එච්. නෙල්සන් නමැති පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

කෙසේවෙතත් අස්ථාන ගත වූ මුදල් පසුම්බිය අදාල හිමිකරුට බාරදීම රාජාංගණය පොලිස් ස්ථානයේදී සිදුවුණා.

police-officer

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රාජාංගණය පොලිස් කොස්තාපල්වරයෙකුගේ සුපිරි වැඩක්"

    Post a Comment