14 October, 2016

දරාගත නොහැකි තරම් ආදරේ කළ පෙම්වතුන් යුගලක් හදවත් කම්පාකරවමින් අවසන් ගමන් ගිය හැටි

“මොනවා වුණත් මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ”

“අනේ අපිට ගෙදරනම් යන්න බෑ”

ආදරය යන සොඳුරු මාතෘකාව අද ලෝකයේ තරුණ තරුණියන් අතර ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවකි. නමුත් ඒ නිසාම ගන්නා හදිසි තීරණ නිසා ජීවිත අහිමි කරගත් අය බොහෝය.

එලෙස ආදරයෙන් අන්ධ වී ගත් හදිසි තීරණයක් නිසා ජිවිත 04ක් අහිමිවීමේ පුවතක් කාලයේ වැලි තලාවට යටවී තිබුණා.

ආදරයෙන් අන්ධවුණු පෙම්වතුන් දෙදෙනෙක් සහ පෙම්වතියන් දෙදෙනෙකුගේ කඳුළු කථාවකි.

කිසියම් පුද්ගලයෙකුට ආදරය යනු අත්පත් කරගැනීම බවත්, ආදරය කළ පුද්ගලයා නොලැබේ නම් ඔහු හෝ ඇය විනාශ කර තමාත් විනාශවිය යුතුය ලෙස සිතන්නේ හැඟීම්වලට වහල්වීමෙනි.

ජීවිතයේ සැබෑ අරුත නිවැරදිව වටහා නොගත් තාරුණ්‍ය ඉතිහාසගතවූ පෙම්වතුන්වීමට සැරසෙයි. 

මේ කාලයේ වැලි තලාවට හසුවූ ප්‍රේම ජවනිකාවකි. එලෙස 70 දශකයේ සිදුවූ අතිශ්‍ය දුක් ඇතිකරන කථාව සිදුවුයේ මෙලෙසයි.

මෙය සිදුවන්නේ මුරුතගස්දෙණිය නම් ගමේය. (නම් ගම් සියල්ල මනෝ මූලික වන අතර සත්‍ය කථාවකි). එම ගම් පියසේ කුමාරි සහ චමරි ලෙස තරුණියන් දෙදෙනෙක් විය.

ඉන් කුමාරිගේ මව තම දියණියට දැඩිලෙස අවවාද කරමින් රැක ගත්තේ ඇස්දෙක මෙනි. මේ අවවාද කුමාරි සහ ඇයගේ යෙහෙලියටද ලැබුණි.

ඒලෙස අවවාද ලැබුණේ පාසල් යාමට මේ දෙදෙනා සුදානම්වුණේ මොහොතේය.

“හොඳයි අම්මා... අපි පරිස්සමින් ගිහින් පරිස්සමෙන් එන්නම්” කටකාර කුමාරි මවගේ දෙපා වැඳ පොත්මිටිය ළැමට තුරුලු කරගෙන දෙදෙනාම පාසල් ගියාය.

යෙහෙලියන් එකට මුණ ගැසුණ විට ඉතින් සියලු ලෝකයන් අමතකව ගියාක් මෙනි. මේ දෙදෙනා අමුතුම කථාවක අතරමං වී සිටිති.

මේ දෙදෙනාට පෙම්වතුන් දෙදෙනෙක් විය. දෙදෙනාම ගෙදරට හොරෙන් මේ ආදරය ගෙනයාමට පසුබට නොවිය..

“කුමාරි ඔයාගේ සම්බන්ධය අම්මලට අහුවුණොත් මොකද කරන්නේ” චමරි විමසා තිබුණා.

“මට හිතාගන්න බෑ චමරි. ඒත් මට වසන්ත නැතිව ජීවත්වෙන්න බෑ. මම එයාට ගොඩක් ආදරෙයි”

කුමාරි දිගු සුසුමක්ගෙන පැවසුවාය. යෙහෙළියන් දෙදෙනාගේ කතාබහට විරාමය තබමින් එතනට තවත් පාසල් යන අතර මඟදී හමුවිය. ඒ සම්පත්ය. ඔහු චමරිගේ පෙම්වතාය.

කුමාරි චමරිගේ කනට කර දැන් උඹට සතුටුදැයි ඇසුවාය.

චමරි කුමාරිගේ කන මිරිකමින් “දැන් වදයක් වෙන්න එපා” යනුවෙන් කිවේ ප්‍රේම සිනහවක්ද නගමින්ය..

තමන්ගේ සිහින් කුමාරයා හමුවුණාම යහළුවන් කරන්නේ ඔවුන් දෙදෙනාට අවස්ථාව ලබා දී ඉවත්ව යාමයි. ඒ අනුව චමරි සහ සම්පත් ආදර බස් දොඩමින් ප්‍රේම ලෝකයේ අතරමංවුණා.

“චමරි ලබන සිකුරාදා මොකද කරන්නේ සම්පත් ඇසුවේ කනට කොඳුරමිනි.

“විශේෂ වැඩක් නම් නෑ....කිව්වේ මද සිනහවක් පාමිණි ”

“අපි චිත්‍රපටයක් බලන්න යමුද?”

“මට බයයි”

“කුමාරියි වසන්තයි එක්කරගෙන යමු. මම වසන්ත එක්කරගෙන එන්නම්. ඔයා කුමාරි එක්ක එන්න.”

“අදහස නම් හොඳයි... මම කුමාරිට කියන්නම්”

මේ අතරතුරදී කුමාරිට ඔහුගේ සිහින කුමාරයා වන වසන්ත මුණ ගැසුණි. සම්පත්ලාගේ යෝජනාව වසන්තටත් ඉදිරිපත් කලේ මෙලෙසයි.

“වසන්ත කැමතිද කුමාරි එක්ක චිත්‍රපටියක් බලන්න යන්න”

මේ අනුව මේ පෙම්වතුන් හොර රහසේම කතාකරගෙන සිකුරාදා දවසක් චිත්‍රපටය බැලීම සඳහා සුදානම් වුණා. මේ හතරදෙනා පාසලෙන් මේ සම්බන්ධතා නිසා අනේක වාරයක් බැණුම් අසා තිබුණා. නමුත් ඒ කිසිවක් ගණන් නොගැනීමට තරම් මේ සිව්දෙනාම කටයුතු කළා.

අදාළ දවසේදී චිත්‍රපටය බැලීමට ගිය මේ පෙම්වතුන් නිදහසේ පෙම්සුව විඳ ගත්තේය. මේ සියලු දෙනාම දැන් ප්‍රේමයෙන් අන්ධ වී අවසන්ය. චිත්‍රපටය අවසානයේ තරුණියන් දෙදෙනා සිය ආදරවන්තයන් දෙදෙනාට මෙලෙස කියා තිබුණා.

“අනේ අපිට ගෙදරනම් යන්න බෑ” තරුණියෝ දුකෙන් අඩන්නට විය.

“වසන්ත සහ සම්පත්ද අසරණවී කල්පනා කළේ කුමක් කරන්නද යනුවෙන්ය.

මේ පෙම්වතුන් දෙදෙනාටා හරි හමන් රැකියාවක්ද නැත. තවමත් ගෙදරින් යැපෙන්නෝ වෙති.

“මොනවා වුණත් මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ” එලෙස කියමින් කුමාරි වසන්තගේ දෑතේ එල්ලුනේ අසරණ කිරිල්ලියක් මෙනි.

චමරිත් සම්පත්ගේ දෑතේ එල්ලී හඬන්නට විය.

“අපිට ජොබ් එකක් නැහැ. ඔයාලා එක්කගෙන ගිහින් ඉන්න තැනක් නැහැ. කන්න බොන්න, අඳින්න පළඳින්න දෙන්න විදිහක් නැහැ. හැබැයි අපට ඔයාල නැතුව ජිවත් වෙන්නත් බැහැ.

“අපිට දැන් තියෙන්නේ එකම එක විසඳුමයි.” මේ තරුණියන් දෙදෙනාගේ අවසන් තීරණය විය.

“අපි හතර දෙනාම එකට මැරෙමු. ඊටපස්සේ ඉපදෙනා හැම ආත්මයකදීම අපි අපේම වෙමු.”

ඒ අනුව කතාකරගත් පරිදි සියලු දෙනාම සියදිවි නසා ගැනීමට තීරණය කර තිබුණා.

“අපි මැරෙන්නේ අපේ කැමැත්තෙන්. කවුරුවත් අපේ මරණයට වගකියන්න ඕන නැහැ. අපි හතර දෙනාම එකම වළක වළලන්න.”

මේ ඔවුන්ගේ අවසන් හසුණයි.

කඳු මුදුනකට නැගගත් ඔවුහු සියලු දෙනාම වස පානය කළේය. නමුත් මැරෙන්න යන වේදනාව ඔවුන් මීට පෙර අත්විඳ තිබුණේ නැහැ. වෙරදරා කෑ ගැසුවත් කිසිවකුත් ළඟ හිටියේ නැහැ.

පෙම්වතුන් හතරදෙනාම එකිනෙකා වැළඳගෙන කෑ ගසන්නට විය. ඔවුන් කරගත් මෝඩකම නිසා දැන් පසුතැවී වැඩක් නැත.

අවසානයේ ඔවුනොවුන් වැලඳගෙන අවසන් සුසුම් හෙළුහ.

මේ සිව්දෙනා අවසානයේ ජිවිතයෙන් සමුගත්තේ එලෙසයි. මේ නිසා පෙම්වතුන් මෙවැනි හදිසි තීරණ නොගෙන තමන්ගේ ජීවිතවල වටිනාකම ගැන සිතා කටයුතු කළ යුතුය. 

මේ නිසා ආදරේ කලත් ආදරෙන් අන්ධ නොවිය යුතුය. අවසානයේ දරුවන් අහිමිවී වේදනා වින්දේ අසරණ දෙමව්පියන්ය.

love-couple

-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දරාගත නොහැකි තරම් ආදරේ කළ පෙම්වතුන් යුගලක් හදවත් කම්පාකරවමින් අවසන් ගමන් ගිය හැටි"

    Post a Comment