14 September, 2016

ආදරේ මල් මාවතේ පහස විඳින්න ගිහින් ජීවිතේ වල් වැඳුනු අමිහිරි කතා


නංගි ඔයාට බැරිද මාත් එක්ක චිත්‍රපටයක් බලන්න එන්න..


තෝ මගේ කෙල්ල විනාශ කරන්නද හදන්නේ..

ආදරේ කියන්නේ ජීවිතයක් ජීවත් කරවන්න ඕනම දෙයක්. ඒ ආදරේ විඳින්න ඕනෙම කෙනෙක් කැමතියි.

ඒත් මේ ආදරේ කියන අකුරු හතරේ තේරුම හරි හැටි තේරුම් නොගත්ත තරුණ හිත් ජීවිතේ හුගක් දේ නැතිකර ගන්නවා.

හැගීමට ඉඩක් දීලා කරන සමහර දේ නිසා ජීවිතවල තියෙන වටිනාකම වගේම සතුටත් නැතිවෙලා යනවා.

ඕනම දේකදි හැගීමට වඩා බුද්ධියට ඉඩක් දුන්නොත් ඒ ආදරේ වගේම ජීවිතෙත් හුගක් ලස්සන වේවි.

මේ විදිහට ආදරේ ගැන අපි කතා කරන්න හිතුවේ තරුණ හිත් ආදරෙන් වෙලිලා කරන සමහර දේ නිසා සිද්ධවුණු සිදුවීම් කිහිපයක් නිසා.

කැස්බෑව පැත්තේ පදිංචි වෙලා හිටපු අවුරුදු 15 ක ළමයෙකුට අසල්වැසි නිවසක ඉන්න සිසුවියකට හිත ගිහින්.

ඉතිං මේ සිසුවා අසල්වැසි තරුණියගෙන් අහලා තියෙනවා " නංගි ඔයාට බැරිද මාත් එක්ක චිත්‍රපටයක් බලන්න යන්න කියලා."

ඇය කියලා තියෙන්නේ අදනම් බැහැ අපි හෙට යමු කියලා.

කොහොම හරි දෙන්නා පසුදින සිනමාහලකට ගිහින්.

ඔවුන් සිටි පේලිය ඉදිරිපසින් ඉඳලා තියෙන්නෙත් පාසැල් යන සිසුවියක් හා සිසුවෙක්.

ඒ දෙන්නා චිත්‍රපටය පැත්තක දාලා එකිනෙකා සිපගනිමින් සිටින හැටි දැක්කම මේ සිසුවත් අසල්වැසි සිසුවියව වැළඳගෙන සිපගන්න පටන් අරන්.

වැඩිවෙලාවක් යන්න කළින් එතනට ආපු පොලිසිය මේ සිසුන් හතරදෙනාම පොලිසියට අරන් ගිහින්.

ඒ වගේම හෝමාගම පැත්තේ පාසල් සිසුවෙක් හා සිසුවියක් ඉස්කෝලේ වෙලාවේ නිදහසේ කතාකරන්න වෙලාවක් නැහැ කියලා දෙන්නා එක්ක රෙස්ටුවරන්ට් එකකට ගිහින්.

මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන දෙමව්පියෝ ලොකු විමසිල්ලකින් තමයි ඉඳලා තියෙන්නේ.

මේ දෙන්නා නගරයේ තිබ්බ රෙස්ටුවරන්ට් එකට ගිහින් කාලා බීලා සතුටු වෙද්දි එකපාරම කාමරයට තරුණියගේ පියා කඩාපැනලා.

" තෝ මගේ කෙල්ල විනාශ කරන්නද හදන්නේ" කියලා සිසුවට අමතක නොවන කනේ පහරක් දුන්නු පියා තරුණියවත් ඇඳගෙන අරගෙන ගිහින්.

මේ විදිහට හැගීම්වලට වහල් වෙලා පාසල් සිසුන් වගේම තරුණ ආදරවන්තයින් කරන වැඩ නිසා දෙමව්පියෝ ඉස්සරහ තමන්ට තියෙන නම වගේම වැදගත්කමත් නැතිවෙනවා.

ඉතිං ආදරේ පහස විදින්න කළින් තමන් කරන්නේ ගැලපෙන දෙයක්ද කියන එකත් දෙපාරක් හිතුවොත් හොඳයි කියලයි අපිටනම් හිතෙන්නේ.



-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදරේ මල් මාවතේ පහස විඳින්න ගිහින් ජීවිතේ වල් වැඳුනු අමිහිරි කතා"

    Post a Comment