22 July, 2016

ඇඳ යටින් අත්අඩංගුවට ගත් බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා

තම බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා රාත්‍රි කාලයේදී ඇයගේ කාමරයේ ඇඳ යට සැගවී සිටියදී අතටම අල්ලා ගත් පියකු ඔහු වීරකැටිය පොලිසියට බාරදීමේ සිද්ධියක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

පෙම්වතාගේ වයස අවුරුදු 20 කි. පෙම්වතියට අවුරුදු 15 කි.

ඇය වීරකැටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබයි. ඇයගේ ගම එම ප්‍රදේශයේ වන අතර පෙම්වතා වලස්‌මුල්ල ප්‍රදේශයේ ය. පාසලට ගොස්‌ වලස්‌මුල්ලට ටියුෂන් පංති එන අතර එහිදී ඔවුන් දෙදෙනා මුණගැසී පෙම්වතුන් බවට පත් වී ඇත.

එතෙකින් නොනැවතුන මොවුන් හුදකලාවේ තනි වීමට ද පටන් ගෙන ඇති අතර පෙම්වතියගේ නිවසට ද දින කිහිපයක්‌ ඇය විසින් ඔහු ගෙන්වා ගෙන ඇත.

එක්‌ දිනක්‌ පෙම්වතියගේ පියා ම`ගුල් ගෙදරක ගොස්‌ ගෙදර එන විට රාත්‍රි 12 පසු වී තිබිණ. පියාට සැක සහිත සෙරෙප්පු කුට්‌ටමක්‌ දොරකඩ ළ`ග තිබී ඇති අතර, පියා මේ පිළිබඳව විපරම්කර බැලීමේදී අවුරුදු 15 ක්‌ වයසැති තම වැඩිමහල් දියණියගේ කාමරයේ ඇඳ යට පුද්ගලයකු සැ`ගවී සිට ඇත.

පසුව මොහුව අල්ලාගෙන වීරකැටිය පොලිසියට රාත්‍රී කාලයේදීම බාර දී ඇත. එදින මැයගේ මව සහ අවුරුදු 7 ක දරුවකුත් මාස 10 ක දරුවකු ද නිවසේ සිට ඇති අතරල මවට හොරෙන් පෙම්වතා කාමරයට කැඳවා ගෙන ඇත.

මීට පෙර මුල් අවස්‌ථාවේ දියණියගේ කාමරයේ ග්‍රිල් සවිකර නොමැති නිසා ජනේලයෙන් කිහිප අවස්‌ථාවක්‌ ඇයගේ කාමරයට රිංගා ගෙන ඇති අතර පසු දිනවල රාත්‍රි 11 ට පමණ ගෙදර දොර ඇර පෙම්වතා ඇයගේ කාමරයට ගන්නා බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරුන බව ද ඔවුන් විසින්ම පොලිසියට පවසා ඇත. බාල වයස්‌කාර දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතරල වෛද්‍ය පරීක්‍ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට නියමිතව ඇත.

සැකකාර පෙම්වතා වලස්‌මුල්ල දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබඳව වලස්‌මුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.


Underage daughter's boyfriend, Arrested under the bed

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇඳ යටින් අත්අඩංගුවට ගත් බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා"

    Post a Comment