සිද්ධිය මෙසේය - මගී බස් රථයෙන් ගමන්ගත් පුද්ගලයෙකු බෑගයේ තිබූ සිය මුදල් පසුම්බිය යම්කිසි පුද්ගලයෙකු විසින් සොරාගෙන තිඛෙනවා. එම මුදල් පසුම්බිය අයිතිකරුගෙන් සොරාගෙන ඇත්තේ උදෑසන 9.30ට පමණය.
කෙසේ නමුත් මෙම මුදල් පසුම්බිය හිමි අයිතිකරු සිය රාජකාරි ස්ථානයට පැමිණ රාජකාරී කටයුතු වල නියැලී ඇත්තේද ඔහුගේ මුදල් පසුම්බිය ඒ වන විටත් සොරාගෙන ඇති බවට නොදැනුවත්වය.
ඔහු සිය රාජකාරී කටයුතු වල නැයැලි සිටින අතරවාරයේ ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණි ඇති අතර ඔහු එම කෙටි පණිවිඩය විමසා බැලීමේදී දැක ඇත්තේ තමාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් ගණුදෙණු කර එම මුදල ගෙව් බවට වන කෙටි පණිවිඩ සේවාවකි.
වහා ක්‍රියාත්මන ඔහු පළමුවෙන්ම කර ඇත්තේ ඔහුගේ මුදල් පසුම්බිය තිබේදැයි සොයා බැලීමයි. කෙසේ නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වී හමාරය.
සිය මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලා විසින් ඒ වන විටත් ක්‍රියාත්මක වී මුදල් පසුම්බියේ තිබූ මුදල් කාඩ්පත් වලින් ගනුදෙනු කර හමාර කර තිබුණි. මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා විසින් ඒ වන විට මුදල් කාඩ්පත් දෙක තුනකින්ම ගණුදෙනු කර මුදල් ගෙවා භාණ්ඩ රැගෙන ගොස් තිබුණි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව මුදල් පසුම්බියේ හිමිකරු විසින් සිය මුදල් කාඩ්පත් සියල්ල බැංකු වෙත දුරකථනයෙන් දන්වා අක්‍රීය කරන ලදී.
ඒ වන විටත් මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා
තවත් ගනුදෙනුවක් කිරීම සඳහා අර අදිමින් සිටින ලදී. ඒ කොළඹ යුනියෙන් පෙදෙසේ ඇති සුපිරි වෙළඳසැලකිනි.
අදාළ පුද්ගලයා විසින් සුපිරි වෙළඳසැලේ ඇති භාණ්ඩ තොගයක් රැගෙන මුදල් ගෙවීම සඳහා මුදල් කවුන්ටරය වෙත ගොස් තිබුණු අතර ඔහුගේ බිල රුපියල් 21,477ක් පෙන්නුම් කරන ලදී. එම මුදල ගෙවීම සඳහා මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා විසින් ක්‍රෙඩිට් කාඩ්පතක් ඉදිරිපත් කර ඇති අතර එම කාඩ්පත ඒ වන විටත් අක්‍රිය කර තිබූ හෙයින් ඔහුට හිස් අතින්ම පිටව යන්නට සිදුවිය. මේ සියල්ල යුනියන් පෙදෙසේ ඇති සුපිරි වෙළඳසැලේ සීසීටීවී කැමරාවල පටිගත වී ඇත.
එම රූප රාමු අප පහතින් පළ කරන්නෙමු. කෙසේ වෙතත් මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා පිළිබඳව ඔබ යම් කිසි තොරතුරක් දන්නේ නම් අප වෙත යොමුකරන්න. මෙවැනි සිදුවීම් සමාජයෙන් තුරන් කිරීමට මෙය සමාජ වගකීමක් ලෙස සලකා සහය දක්වන්න.
Thief Caught Via CCTV
Share this
|
|
0 Comment to "මොහු හදුනනවාද? මුදල් පසුම්බියක් සොරාගෙන තමන්ගේ වගේ වියදම් කළ අයෙක් CCTVදර්ශන මගින් හෙළිවෙයි"
Post a Comment