18 July, 2016

සප්ත කන්‍යා කඳු අතර අතරමං වුනු සිසුන්ගේ කතාව

නෝර්ටන් බි්‍රජ් - සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනා ඊයේ (17) පෙරවරුවේ සොයා ගැනීමට යුද හමුදාව සමත් වුණා.

මෙලෙස අතුරුදන්ව සිටි සිසුන් අතර විදේශීය සිසුන් දෙදෙනෙකු ද වනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය සිසුවෙකු ඇතුළු සිසුන් තිදෙනෙකු, එක් විදේශීය සිසුවියක් සහ කොතලාවක ආරක්ෂක විද්‍යාලයේ එක් සිසුවෙකු මෙම කඳු තරණයට එක්ව තිඛෙනවා.

පෙරේදා පස්වරු 2.30ට පමණ මෙම සරසවි සිසුන් 5 දෙනා සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට හැටන් නගරයට දුම්රියෙන් පැමිණ එතැනින් බස් රථයකින් හා ත්‍රිරෝද රථයකින් සප්ත කන්‍යා කඳු පාමුලට පැමිණ තිඛෙනවා.

කන්ද තරණය කර නැවත පැමිණෙමින් සිටින අතරතුර අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන් අතරමංව ඇති අතර, පසුව ඒ බව ඥාතීන්ට දන්වා තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් සිසුවා අදහස් දක්වා තිබුනේ මේ අයුරින්.....

අතරමන් වූ සිසුවෙක් -

අර ප්ලේන් එක වැටිච්ච ස්මාරකය තියෙන්නේ, අන්න එතෙනින් නෙමෙයි පොඩ්ඩක් එහායින් තේ එකතු කරන තැනක් තියෙන්නේ, අන්න ඒක පාස් වෙනවාත් එක්ක තියෙන පඩි පෙළෙන් තමයි උඩට ආවේ. ඒ පාර හදාගෙන තමයි උඩට ආවේ.

හිරු ප්‍රවෘත්ති - තැන්නටම ගියාද ඔයා කන්ද උඩ..?

අතරමන් වූ සිසුවෙක් - ඔව්.. උඩටම ගියා. ගල්තැන්න හොයාගන්න බැරිවුණ නිසා අපි තීරණය කළා අපි ආපහු පල්ලෙහාට එන්න කියලා. ඉතිං පාරක් තිබ්බා අපි ඒ පාර දිගේ ආවා. පාර ඉවර වුණා. කළුවරත් වැටිලා, ඔක්කොම වෙලා හින්දා අපි හිතාගත්තා කමක් නෑ කෙළින්ම පල්ලෙහාට යනවා කියලා. ඉතිං මේ පල්ලෙහාට යනවාත් එක්ක තමයි මේ එක තැනකට ලිස්සලා ඇවිල්ලා එක තැනක හිරවුණා. මේ එක තැනක හිර වෙලා ඉන්නේ. මෙතතින් අපිට උඩට යන්නත් බෑ. පල්ලෙහාට යන්නත් බෑ..

ඥාතීන් මේ පිළිබඳව නෝර්ටන් බ්‍රිජ් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය හා ලක්ෂපාන යුද හමුදා කදවුරේ සෙබළුන් පිරිසක් පෙරේදා රාත්‍රියේ ම අතුරුදන් වූවන් මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

පසුව ඊයේ (17) පෙරවරු 8.30 ට පමණ අතුරුදන්ව සිටි සරසවි සිසුන් සොයා ගැනීමට මෙහෙයුමේ නිරත භට පිරිස්වලට හැකියාව ලැබී තිඛෙනවා.

මෙම සිසුන් 5 දෙනා මෙලෙස කඳු තරණය සඳහා සංවිධාන වී ඇත්තේ ෆෙස් බුක් සමාජ ජාලය ඔස්සේ බව ඔවුන් පොලිසියට පවසා තිඛෙනවා.

අතුරුදන් වූ සිසුන් අතර සිටි විදේස් සිසුවෙක් සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළේ මේ අයුරින්....

'අපි හමුදාවට කතා කළා. ඔවුන් ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. ඔවුන් අපිට කිව්වා කළබල වෙන්න එපා කියලා. අද උදේම ඔවුන් අප ඉන්න තැනට ආවා. හමුදාවේ අය අපිව ආරක්ෂිතව පල්ලෙහාට ගෙනාවා. අපට දැක්වූ සහයෝගයට මම හමුදාවේ අයට ස්තුති වන්ත වෙනවා.'

සිසුන් සොයාගත් අවස්ථාවේ වීඩියෝව පහතින්.....


Story Of Students Who Lost In Seven Virgins Mountain

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සප්ත කන්‍යා කඳු අතර අතරමං වුනු සිසුන්ගේ කතාව"

    Post a Comment