ජනතාවට තොරතුරැ දැනගැනීමේ අයිතිය දෙන්න ගේන්න යන අලුත් නීතිය ගැන කවුන්සිල් කස්ටිය දැනුවත් කරන්න කොළඹ කිට්ටුව තැනක ලොකු මීටිමක් තිබුණ...
ඒ ගැන තතුදත් අය කතා කරල ඉවර වුණාම මැති ඇමැති කස්ටිය අතරෙ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ කරැණු දක්වන්න පටන් ගත්ත.
මේ සම්බන්ධව බරසාර කතාවක් කරපු කොළඹ ඉඳන් ඌව පළාත නියෝජනය කරන බරසාර ඇමැති සයිස් මහත්තයෙක් මේ ආකාරයට තොරතුරැ දැනගැනීමේ අයිතිය ලබාදීම ගැන තමන්ගෙ අසතුට ප්‍රකාශ කළාලු...
'ඔය කියන විදියට ආණ්ඩුව කරන හැමදේකම තොරතුරැ ජනතාවට සපයන්න ගියොත් අපට කවදාවත් ආණ්ඩුව කරන්න හම්බුවෙන එකක් නැහැ' උන්නැහේ කිව්ව.
ඊළගට පන්සියක් දාහක් ඔය එන එන තොරතුරැ ඉල්ලන්න ගත්තොත් ඒව සපයනවට වඩා වැඩක් ඉතුරැවෙන එකක් නැහැ කියලත් දෝස්මුරයක් දැම්ම....
මේ වේගවත් කතාව අහගෙන හිටපු ආණ්ඩු පක්ෂයෙම පසුපෙළ තරැණ දේසපාලන සගයෝ ඇමැතිතුමාගෙ විරෝධය ගැන අදහස් පළකළේ මේ විදියටයි.
'මෙයා හොඳටම බයවෙලා වගෙයි' කෙනෙක් කිව්ව...
උන්නැහේ බයවෙන්න ඇත්ත හේතුව දන්නවද කියල තව කෙනෙක් ප්‍රශ්න කළා....
style="font-size: large;">හේතුව මොකද්ද හැබෑටම ප්‍රශ්න කළ මන්ත්‍රී සගයා නැවත ඇහුව..
කොළඹ දිස්ත්‍රික්කෙ කටකාර මන්ත්‍රී කෙනෙක් කීව විතරයි හැමෝටම ලොකු හිනාවක් ගියා.

Right to information
එයාලගෙ ගෙදරින් මෙයාගෙ සැබෑ තොරතුරැ ඉල්ලයි කියලයි ඔය බයේ වෙව්ලන්නෙ...
ඒව දැනගත්තොත් මෙයා කම්මුතුයි කියල.

Right to information
Share this
|
|
0 Comment to "තොරතුරැ දැනගැනීමේ අයිතිය"
Post a Comment