28 May, 2016

'මම බැන්දේ නෑ' - මහේෂි කියයි

ජනප්‍රිය ටෙලි නිළි මහේෂි මදුසංකා සෙනෙවිරත්න විවාහ ගිවිස ගත් බවට පසුගිය දිනවල දී බොහෝ මාධ්‍යවලින් වාර්තා කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් වූ ඡායාරූප ඇල්බමයක් ද අන්තර්ජාලයේ හුවමාරු වූ අතර එම ඡායාරූප ගෙන ඇත්තේ ඇය දායක වූ නව ගීත රූප රචනයට බව ඇයගේ FB පිටුවේ ද සඳහන් කර තිබේ.

තවමත් තමන් විවාහ ගිවිසගෙන නොමැති බව ඇය ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වෙත සඳහන් කර ඇත.

කෙසේ වුව ද ඇය මේ වනවිට පෙම්වතියක් බවත් ඉදිරියේ දී සිය විවාහය සම්බන්ධයෙන් පවසන බවත් ඇය සඳහන් කරයි.

මහේෂි මදුසංකාගේ පෙම්වතා තරමක් අහංකාර පුද්ගලයෙක් බවත් එම අහංකාරකමට ඇය ප්‍රිය කරන බවත් වාර්තා වේ.

පෙම්වතුන්වීමට පෙර ඔවුන් යහළුවන් ලෙස කාලයක් ඇසුරු කළ බවත් විවාහවීමට පෙර චිත්‍රපටයකට දායකවීමට තමා අපේක්ෂාවෙන් සිටින බවත් මහේෂි පවසයි.

මේ වනවිට 24 වැනි වියේ පසුවන මහේෂි තවත් අවුරුදු 02කින් රංගන ක්ෂේත්‍රයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ද දැනගන්නට ලැබේ.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්,






































I'm not get married yet - Maheshi

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'මම බැන්දේ නෑ' - මහේෂි කියයි"

    Post a Comment