30 August, 2017

අයිෆෝන් එකෙන් කෙළින්ම ශබ්දය ගලා යෑමට හැකි ශ්‍රවණාධාර

cochlear-implant-nucleus-7
දෘශ්‍යාබාධ තරම් පොදු නොවුවත් ශ්‍රව්‍යාබාධ ද සැලකිය යුතු තරමකට මිනිසුන් පෙළන අබාධිත තත්ත්වයක්. අප රටේ පොදු භාවිතයට ගැනෙන්නේ කනට පලඳින ශ්‍රව්‍යාධාර මෙවලම් වුවත්, දියුණු රටවල භාවිත වෙන්නේ ශරීරය තුළට රෝපණය කරන ලද ශ්‍රවණාධාර.

ශ්‍රවණාධාර නිමවන සමාගමක් වන කොක්ලියර් ලිමිටඩ් සමාගම ඇපල් සමාගමේ සහයොගිත්වයෙන්, අයිෆෝන් අයිපෑඩ් සහ අයිටච් යන උපකරණ හරහා කෙළින්ම කනට හඬ ඇසීමට සැලැස්වෙන පරිදිද කොක්ලියර් නියුක්ලියස් 7 යන ශ්‍රවණාධාරය නිමවා තිබෙනවා. එය පසුගිය බදාදා එළි දැක්වූවා.

දෘශ්‍යාබාධයට වඩා ශ්‍රවණාබාධයට සමාජය තුළ දකින්නේ වෙනස් විදිහකටයි. ඇස් කණ්ණාඩි දැමීම පොදු දෙයක් බැවින්, ඇස් කණ්ණාඩි දමන්නකුගේ පෙනීම පිළිබඳව ඇති අඩුපාඩු එම කෙනා හට දරුණු ඍණාත්මක තත්ත්වයක් ලෙස සමාජයේ බලපාන්නෙ නැහැ. නමුත් කෙනෙක් ශ්‍රවණාධාර පැලඳ සිටියොත්, ඔහු දෙස සමාජය බලන්නේ ඇස් පෙනීම අඩු වීමට වගේ සාමාන්‍ය දෙයක් ලෙස නොව, එය ඉතාමත් පහත් සෞඛ්‍ය තත්ත්වයක් ලෙසයි.

මෙම උපකරණය නිසා එවැනි පුරවැසියන්ට යම් දුරකට සමාජ භීතිකාවෙන් මිදීමට හැකියාව ලැබෙන්නේ, ඔවුන් හට අනෙකුත් අයට නොදැනෙන ලෙස මෙම උපකරණයේ වෙනස්කම් ෆෝන් එක බලා කෙටි පණිවුඩයක් හෝ ඊමේල් පණිවුඩයක් බලන අයුරින් කර ගැනීමේ පහසුව සැලසෙන නිසාවෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රවණාබාධවලින් පෙළෙන ජනතාව ලෝක ජනගහනයෙන් 5%ක් සහ ඔවුන්ගෙනුත් 10%ක් කුඩා දරුවන්.

ශ්‍රවණාධාර සහ මෙම රෝපණ අතර වෙනස නම්, රෝපණ භාවිත වෙන්නේ ශ්‍රවණාධාර භාවිතයෙන් උපකාර කළ නොහැකි දරුණු ශ්‍රවණාධාර තත්ත්වයන් සඳහායි.

ශ්‍රවණාධාරවලින් ශබ්දය විස්තාරණය කරන අතර, රෝපණවලින් කරන්නේ ශ්‍රව්‍ය ස්නායුව කෙළින්ම උත්තේජනය කිරීමයි. එය කනට පිටුපස සමට ඇතුළින් සවි කරන අතර, නව කොක්ලියර් නියුක්ලියස් 7වලට බ්ලූටූත් තාක්ෂණය භාවිතයෙන් ඇපල් උපකරණ හා සම්බන්ධ වෙන්නට පුළුවන්. මෙම මෙවලම ලබන මස (සැප්තැම්බර්) ඇමෙරිකාවේ සහ කැනඩාවේ වෙළෙඳපොළට නිකුත් වෙනවා. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අයිෆෝන් එකෙන් කෙළින්ම ශබ්දය ගලා යෑමට හැකි ශ්‍රවණාධාර"

    Post a Comment