Hypertrophic cardiomyopathy නම් රෝගය හැර වෙනත් රෝග නොමැති සාමාන්‍යයෙන් නිරෝගී මිනිස්සු එම රෝගය නිසා හදිසියේ මියයති. මරණය සිදුවන තෙක්ම බොහෝ විට මෙම රෝගයේ රෝග ලක්ෂණ හඳුනා නොගැනීම නිසා එය භයානක රෝගයක් වේ. පේශීන්ගේ බිත්ති (myocardium) ඝනීභවනය වීම සමග පහසුවෙන් නොනැමෙන සුළු ලෙස දරදඬු වීම මෙම රෝගයේ ප්‍රධාන බලපෑමයි. රෝග විනිශ්චයෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි නමුත් රෝගය නිසා අක්‍රමික හෘදස්පන්දනයේ සිට හදිසි හෘදවස්තු හිරවීමක් පවා සිදුවිය හැකිය.
The Los Angeles Times
සඟරාව වාර්තා කරන අන්දමට මවට හෝ පියාට MYBPC3 නම් දෝෂ සහිත ජාන පිටපතක් ඇතිවිට ජාන විකෘතිතාව ඔවුන්ගේ දරුවන් වෙත ලැබීමේ ප්‍රතිශතය 50% ක් වැනි ඉහළ ප්‍රතිශතයකි. නව කලල පරීක්ෂණයේදී මෙම දෝෂ සහිත ජානය ඉලක්ක කොට කටයුතු කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබේ. ජීව්‍ය මිනිස් කලල වෙනස් කිරීම සඳහා CRICPR තාක්ෂණය යොදා ගැනීමේ වාර්තාගතවී ඇති අවම අවස්ථා දෙකෙන් සාර්ථක ප්‍රතිඵල ලද ප්‍රථම වතාව මෙය බවද සඳහන් කර තිබේ.
දරුවෙකුට උරුමයෙන් භයානක ජානයක් ලැබීමේ අවධානය අවම කිරීමට පෙර දී සමත් වූයේ IVF (in vitro fertilization) ක්‍රමය පමණි. නව ක්‍රමය තවමත් සාර්ථක යැයි තවදුරටත් ස්ථිරව සනාථ කළ යුතු මට්ටමේ තිබුණද නුදුරු අනාගතයේදී එමගින් රෝගයෙන් “Pre- empty cure” (පෙර රික්ත සුවය) පමණක් නොව රෝගය ගෙන දෙන දෝෂ සහිත ජාන ඉදිරි පරම්පරා වෙත ගෙනයාමද වැළකේ. කෙසේවෙතත් මේ සම්බන්ධ සදාචාර සහ ආචාර ධර්ම සංවාදයන්ද මතු විය හැකිය.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

Share this
|
|
0 Comment to "මිනිස් කළලයෙන් මාරක හෘද රෝග ජාන ඉවත් කිරීම"
Post a Comment