22 June, 2017

ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම නැවතත් ඩිල්ෂාන්ට

Thilakarathna Dilshan-06

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු තිලකරත්න දිල්ශාන් පිළිබඳව පසුගිය කාලයේ ක්‍රිකට් පිටියේ එතරම් කතාබහට ලක් වුයේ නැත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමු ගැනීමෙන් පසුව පකිස්ථාන ප්‍රිමියර් ලීග තරඟාවලියට ඔහු සහභාගී වුනද තරඟ වලට සහභාගී වීමේ අවසථාවක් ඩිල්ෂාන්ට ලැබුනේ නැත.

අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධාණය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙන අතර මෙය නේපාල ක්‍රිකට් දියුණු කිරීමේ අරමුණ ඇතිව සුහද ක්‍රිකට් තරඟාවලියක් ලෙස පැවැත්වේ.

මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ලයන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවී ඇත.

ඩිල්ෂාන්ට අමතරව ජාත්‍යන්තර අත්දැකීම් ඇති රානා නවීඩ්,ඉම්රාන් නසීර්ගේ සහබාගිත්වය මේ වනවිටත් තහවුරු වී ඇති අතර මීට අමතරව ඕස්ට්‍රේලියා ක්‍රීඩක ස්ටුවර්ට් මැග්ගිල්,දකුණු අප්‍රිකා ක්‍රීඩක ජස්ටින් කෙම්ප්,සහ සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කවෙන්ට්‍ර තරඟාවලියට සහභාගී කර ගැනීමට සන්විදයකයන් උනන්දු වන බව වාර්තා වේ. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම නැවතත් ඩිල්ෂාන්ට"

    Post a Comment