
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් කනස්සල්ලට පත් කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන්ගේ ශාරීරික යෝජ්‍යතාවය පිළිබඳවයි.
මේ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කර බැලීමේ ඉසව්වක් ඊයේ පුහුණුවීම් අතර තුර පැවැතුණා.
එහිදී සියලු දෙනා පුදුම කරමින් පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපලක්.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ද
සිය අදහස් පළ කර තිබුණා.

20m sprint test this Morning. This two golden oldies top of the table. I rest my case..🙊 pic.twitter.com/GrSUZLlKXE— Mahela Jayawardena (@MahelaJay) June 21, 2017


Share this
|
|
0 Comment to "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ෆිට්නස් ටෙස්ට් කරයි - එක සහ දෙක නුවන් සහ ලසිත්"
Post a Comment