22 June, 2017

‘උඹ කන්නද මගෙන් හදන්නේ? කෙලවෙන හැටි පෙන්නන්නම්‘‘ - නාමල් උඩුගම දුලාජ්ට තර්ජනය කරයි (Photos)

Namal Ududgama - Dulaj Danushka - 2017-06-22_13-55-46

ප්‍ර‍වීණ ගායක නාමල් උඩුගම විසින් නවක ගායකුයෙකු වන දුලාජ් ධනුෂ්ක හට තර්ජනය කළ පුවතක් වාර්තා වනවා. මීට හේතුව වී ඇත්තේ නාමල් උඩුගමයන්ගේ ‘‘අප හමුවීම‘‘ යන ගීතයේ cover version එකක් දුලාජ් ධනුෂ්ක විසින් නිර්මාණය කිරීමයි.

ඔහු එම ගීතය නිර්මාණය කොට තිබුණේ 2016 දෙසැම්බර් මාසයේදීයි.කෙසේ වෙතත් එම cover එක වහාම ඉවත් කරන ලෙස ඔහු 2016 දෙසැම්බර් හිදී දුලාජ් හට දුරකතන ඇමතුමක් මගින් දැනුම්දී තමා නඩු මගට යොමුවන බව පවසා තිබුණා.

ඉන්පසු එම ගීතය දුලාජ්ට සම්බන්ද සියලුම youtube සහ facebook චැනලයන්ගෙන් ඉවත් කරගෙන තිබුණා.

කෙසේ වෙතත් සිද්ධිය වී මාස 6ක් ගෙවීගොස් පසුගිය 20 වැනිදා නාමල් උඩුගමයන් නැවතත් දුලාජ් ධනුෂ්ක හට තර්ජනය කර තිබුණේ එම ගීතය ඉවත් කරගන්නා ලෙසිනි. කෙසේ වෙතත් ඒ වන විටත් එම ගීතය දුලාජ් විසින් ඔහුගේ සියලුම යූ ටියුබ් හා ෆේස්බුක් මගින් ඉවත් කරගෙන තිබුණා.

පසුව ඔවුන් දෙදෙනාගේ ෆේස්බුක් සංවාදය සිය ෆේස්බුක් ගිණුමේ පලකල දුලාජ් එ සමගින් තවත් සටහනක්ද පලකොට තිබුණා.

මේ ඔහු පළකල එම සටහන සහ දුලාජ් හා නාමල් උඩුගමයන් අතර ඇතිවූ ෆේස්බුක් සංවාදයයි.

"2016 අවුරුද්දේ මම නාමල් උඩුගම ගායකයගේ 'අප හමුවීම' කියන ගීතයේ cover version එකක් කරා. (එහි මුල් ගීතයේ හිමිකරුවා සදහන් කර - මුදල් හම්බු කිරීමට නෙවේ ආසාවට). 

නමුත් එම cover එක වහාම ඉවත් කරන ලෙස ඔහු 2016 දෙසැම්බර් හිදී මා හට දුරකතන ඇමතුමක් දී නඩු දානවා කියා පැවසුවා. ඉන්පසු එය මට සම්බන්ද සියලුම youtube සහ facebook චැනලයන්ගෙන් ඉවත් කරනු ලැබුවා.

නමුත් දැන් එය ඉවත් කරාට පසුවත් ඔහු අද මට facebook මගින් ඉතා තිත්ත කුනුහරුපෙන් ප්‍රවීණ කියන නමටත් ලැජ්ජා සහගත ලෙස බැණ වැදුණා.ඒ cover එක අයින් කරපන් කියා මරණීය තර්ජනයක් කරමිනුයි. 

ඔහු අසනීප වී සිටියදී පැවැත්වූ සංගීත ප්‍රසංග වලට පවා මුදල් අය කිරීමකින් තොරව සහබාගී වූ මට අද ඔහු ගැන ඇති වූයේ පිළිකුලකි. ඒ වැදූ අම්මාවා පවා මතක් කර මා හට පිලිකුල් ලෙස බැන වැදූ නිසාවෙනි. Cover එක කරේ ආසාවට මිසක් මුදල් හම්බු කිරීමට නෙවේ. ඔබ කලාකාරයෙක් නොව කලහ කාරයෙක් බවයි මට අද පෙනී ගියේ..."

Namal Ududgama Dulaj Danushka Chat -2017-06-22-14-33-14

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " ‘උඹ කන්නද මගෙන් හදන්නේ? කෙලවෙන හැටි පෙන්නන්නම්‘‘ - නාමල් උඩුගම දුලාජ්ට තර්ජනය කරයි (Photos)"

    Post a Comment