පුංචි කාලේ සෙනාලි කොහොම දරැවෙක්ද..?
පුංචි කාලේ සෙනාලි හරිම දඟයි. හැබැයි හරිම හුරතල්. අනිත් එයාගේ ඥාති සහෝදර සහෝදරියන් එක්ක එයා හරිම එකතුවෙන් වැඩ කරපු දරැවෙක්. ලංකාවේ ඉන්න දවස්වල පුංචි කාලේ ඉඳන්ම එයා ඉස්කෝලෙදි ගෙදරදි දක්ෂකම් පෙන්නුවා. එයා ගොඩාක් මේ කලාව පැත්තට ආසයි කියලා මට පෙනුණා. ඉස්සර චූටි කාලේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඇති තරම් හැඩ කරනවා. මූණ හරෝ හරෝ බලනවා. කණ්ණාඩිය එක්ක හිනාවෙනවා. කණ්ණාඩියට රවනවා. කණ්ණාඩිය දිහා බලාගෙන බොරැවට අඬනවා.
ඇයි චූටි කාලේ සෙනාලි රඟපාන්න එහෙම ආවේ නැත්තේ. ලොකු නැන්දා එක්ක එන්න තිබුණනේ?
මගේ මල්ලි උපාලි කැමති වුණේ මුලින්ම අධ්‍යාපනයට. උපාලි වුණත් හොඳට ඉගෙන ගත්නව බලන්න තමයි ඒ කාලෙත් මට ඕන වුණේ. මම විද්‍යාව කරන්න ආසාවෙන් තමයි හිටියේ. ඒත් කලාවට ආව නිසා මට ඒ පැත්තට යන්න බැරිවුණා. ඒ නිසා උපාලි මල්ලි ගැන මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුවත් එක්ක එයා මහන්සිවෙලා ඉගෙන ගත්තා. ඒ මහන්සියේ ප්‍රතිඵලේ එයාට තියෙනවා.
ඒකෙ ප්‍රතිඵලයක්ද සෙනාලිටත් හොඳට උගන්වන එක?
ඔව්... උපාලි මල්ලිත් හොඳට ඉගෙන ගත්තා. සෙනාලිත් එහෙමයි. හැබැයි මල්ලි කෙල්ලගේ ආසාවටත් ඉඩ දුන්නා. අද සෙනාලි දක්ෂ නිළියක්. මාලිනීගේ හඬ අපි පොඩ්ඩක් නතර කරලා අපි සෙනාලිගෙන් මේ ආදරණීය ලොකු නැන්දා ගැනත් ඇහුවා.
මම පුංචි කාලේ මගේ ලොකු නැන්දි සිංහල සිනමාවේ නිළි රුජනයි කියලා එහෙම ලොකු දැනුමක් තේරැමක් මට තිබුණේ නෑ. පුංචි කාලේ ඉඳන් මම දැක්කේ ඇයව මගේ ලොකු නැන්දි විදිහටයි. ඇය මගේ අම්මා වගේමයි. අදටත් මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඇයව මම හැමදාමත් දකින්නේ මගේ ලොකු නැන්දි විදිහටමයි.
ඔයා පුංචි කාලේ ලොකු නැන්දාගෙන් හුරතල් වුණු පුංචිම කෙල්ල නේද..?
ඔව්.. අපේ පරම්පරාවේ අපි විසිතුනක් ඉන්නවා. ඒ අතරින් මම විසිතුන් වැනියා. බාලයා. අපි විසිතුන් දෙනාම අපේ පුංචි කාලේ ලොකු නැන්දි එක්ක කාලේ ගත කරලා තියෙනවා. අපි හැමෝටම ඇය එක වගේ ආදරෙයි. මගේ හැම උපන් දිනයටම උදෙන්ම ලොකු නැන්දි මාව බලන්න එනවා. ඒ වගේම පොඩි නැන්දිත් එනවා. ඉතින් මම බලාගෙන ඉන්නේ නැන්දිලා එදාට එනකන්.
එතකොට අවුරැද්දට තෑගි ලැබෙනවත් ඇති නේද..?
ඔව්.. ඔව් තෑගි ලැබෙනවා. අවුරැදු කාලෙදි තමයි හරි හරි වැඩ වෙන්නේ. ආච්චි හිටපු කාලෙදි ආච්චිට හොරෙන් අපි කොකිස් කැවුම් හොරකම් කරගෙන කනවා. මම පවුලේ බාලයා හින්දා අක්කලා අයියලා මාව යවලා තමයි කැවුම් කොකිස් හොරෙන් උස්සන්නේ. හැබැයි මාව ආච්චිට අහුවුණාම මාව බේරගන්නේ ලොකු නැන්දි තමයි. එයත් හරියට පුංචි එක්කෙනෙක් වගේ. ඉතින් මම හෙමිහිට ලොකු නැන්දිටත් කොකිස් එකක් ගෙනත් දෙනවා. ආච්චි කොකිස් කැවුම් හදලා හංගන තැන් වුණත් අපිට කියන්නේ ලොකු නැන්දියි පොඩි නැන්දියි.
පොඩි නැන්දි කියන්නේ දමයන්ති ෆොන්සේකා නේද..?
ඔව්.. දමයන්ති නැන්දි තමයි. මට නැන්දිලා මාමලා දහ දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කට්ටියම එකතු වුණාම ආච්චිලාගේ ගෙදර ලොකු කෑම මේසයක් තියෙනවා. ඒ කෑම මේසෙ කට්ටියම වාඩිවෙලා අපි පොඩි කට්ටියට එයාලගේ පරණ කතා කියලා දෙනවා. ඒ වෙලාවට මම ඉන්නේ මේසෙ උඩ වාඩිවෙලා ලොකු නැන්දිගේ ඇඟට බරවෙලයි. පුංචි කාලෙ හරිම සොඳුරැ මතකයන් මට තියෙනවා.
ලොකු නැන්දිගේ සපත්තු දාගෙන ඇවිද්දා කියලා ආරංචියි?
ඔව්.. ලොකු නැන්දි හරි ලස්සනට ඇවිද්දා. මම හරි ආසයි ලොකු නැන්දිගේ ඇඳුම් අඳින්න. සපත්තු දාන්න. එයාගේ ලිප්ස්ටික් තොල්වල විතරක් නෙමේ කටෙත් ගෑවෙනවා. ඉතින් ලොකු නැන්දිට හිනා. ලොකු නැන්දිට තිබුණා හරි ලස්සන සපත්තු දෙක තුනක්. ඒක නිකම් ප්ලාස්ටික්වලින් හදපු දෙකක්, ඇතුළෙ බෝල තියෙනවා. ඒක දාගෙන එහාට යනවා මෙහාට යනවා. අන්තිමට මගේ අතින් එක සපත්තුවක් කැඩුණා. එකෙ ඇතුළෙ තිබිච්ච බෝල එළියට විසිවුණා. අනේ ලොකු නැන්දි මට මුකුත් කිව්වේ නෑ. බයටම මම ඇඬුවා. ඒත්... ලොකු නැන්දි මාව තුරැලු කරගෙන
මාව නැලෙව්වා. පුංචි කාලේ ළමයි අම්මා තාත්තාගේ ඇඳුම් අඳින්න ආසයිනෙ. ඉතින් මම අඳින්න ආස වුණේ මගේ ලොකු නැන්දිගේ ඇඳුම්.
සෙනාලි කාලයක් හිටියෙ එංගලන්තයෙනෙ..?
ඔව්.. අපි කාලයක් එංගලන්තයේ හිටියේ. එහෙම ඉඳිද්දි අපි පොඩ්ඩක් දුරස් වුණා තමයි. නැතිව නෙමේ. ඒත්.. අපි පුළුවන් හැම වෙලේම කතා කළා. ශ්‍රිරානි නැන්දිත් එංගලන්තයට ආව නිසා ලොකු නැන්දි එක එක වැඩවලට එංගලන්තයට ආවා. ඒ ආවම අපි මුණගැහුණා.
සෙනාලිට තරැණියක් විදිහට ලොකු නැන්දිගෙන් ලැබුණු මඟපෙන්වීම කොහොමද..?
ඉස්සරත් මම ඔය මේකප් වගේ දේවල් ගැන හිතන්නේ නැති කෙනෙක්. මම තරැණියක් වුණාට පස්සෙ ලොකු නැන්දි තමයි කියන්නේ මේකප් කරන්න ඕන කොහොමද කියලා. එංගලන්තයට ආවම ලොකු නැන්දි මාව මේකප් කරනවා. පාටියකට යන්න මාව දවසක් ලොකු නැන්දි හරි ලස්සනට හැඩ කළා. එදා හැමෝම මට කිව්වා මම හරි ලස්සනයි කියලා.
එංගලන්තයේ හිටපු සෙනාලි ලංකාවට ඇවිත් එකපාරටම නිළියක් වුණානේ?
පුංචි කාලේ ඉඳන්ම ලොකු නැන්දි දැනගෙන ඉඳලා තියෙනවා මට රඟපාන්න පොඩ්ඩක් හරි පුළුවන් කියලා. පුංචි කාලේ ඉඳන්ම මාත් කලාවට එන්න ආසා කළා. ඒකට ලොකු හේතුව වුණේ ලොකු නැන්දියි, පොඩි නැන්දියි. පුංචි කාලේ ඉස්කෝලේ කොන්සට්වලට යන්න කලින් මම ඒ හැම දෙයක්ම පෙන්නන්නේ ලොකු නැන්දිට. මම ඉගෙන ගත්තේ කොළඹ විසාකා විද්‍යාලයේ. ඇය මට ගොඩක් අවවාද දෙනවා. මගේ චරිතය මම ඉදිරියේ රඟපාලා පෙන්නනවා. ඒ හැම දෙයක්ම මගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වුණා. හැබැයි ලොකු නැන්දි හැමවෙලේම මට කිව්වේ අධ්‍යාපනය අංක එක කියලයි. ඒ දේ අදටත් කියනවා. ඉතින් ඇය කිව්ව විදිහටම අධ්‍යාපනය නතර නොකර මම කරගෙන ගිහින් අවසානයේදි තමයි කලාවට සම්බන්ධ වුණේ.
'සිරිපැරකුම්'හි සිරිමල් එතනා ගැන ලොකු නැන්දි මොකද කිව්වෙ?
සිරිපැරකුම් මුල්ම තිරගත වුණු දවසේ මම ලංකාවේ හිටියේ නෑ. එදා ලොකු නැන්දි චිත්‍රපටය බලලා තිබුණා. එදා ලොකු නැන්දිගේ ඇස්වල කඳුළු තිබිලා. මම දන්නවා ඒ සතුටු කඳුළු කියලා. එදා රූම ලොකු නැන්දි මට කෝල් කළා. මට එදා බොහෝ දේවල් කිව්වා. ඇය එදා හරිම සතුටින් තමයි හිටියේ.
ලොකු නැන්දි හරිම සංවේදී කෙනෙක් නේද..?
ඔව්.. ඇය හරිම සංවේදී සරල, නිහතමානී කෙනෙක්. අපිත් එක්ක ඉඳිද්දි ඇය නිළියක් නෙවේ. ඇය පවුලේ අක්කා විදිහට නැන්දා විදිහට කමයි ඉන්නේ. මගේ ලොකු නැන්දි හරියට පොඩි ළමයෙක් වගේමයි. ඇය හරි ආසයි විහිළුවෙන් තහළුවෙන් ඉන්න. පුංචි දෙයක් ඇති ඇයව හිනා ගස්සවන්න. ඒ වගේම හරිම පුංචි දේටත් ඇයගේ ඇස්වලට කඳුළු එනවා. අපිට ගොඩක් ආදරේ නිසාම අපි වෙනුවෙන් ඇය ගොඩක් දුක් වෙනවා. අපේ ජීවිතේ හොඳ දෙයක් වුණොත් ඇය තමයි වැඩියෙන්ම සතුටු වෙන කෙනාත්.
රටේම ආදරය දිනාගත්තු ඇය ඔබේ ලොකු නැන්දා... පුංචිම හරි ආඩම්බරයක් නැද්ද..?
ආඩම්බරයක් තියෙනවා. හැබැයි ඒ ආඩම්බරයටත් වඩා මම ගොඩක් වාසනාවන්තයි. රටම ආදරය කරන ඇය මගේ ලොකු නැන්දි වුණාට මම ගොඩාක් වාසනාවන්තයි. හැබැයි මට ආඩම්බර වෙන්න බෑ... රටට ආදරය කරන ලොකු නැන්දි ආඩම්බර නැත්නම් අපි කොහොමද ආඩම්බර වෙන්නේ. ඒත්... නිහතමානී සතුටක් තියෙනවා. මට මගේ ජීවිතේ බොහෝ දේවල් ඇය කියලා දුන්නා. ඇයගෙන් ජීවිතේ ඉගෙන ගත්තු දෙවල් මට කිසිම විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්න බෑ.
ආයෙමත් අපි මාලිනීගේ හඬට කන් දෙමු
සෙනාලි අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. එයාගේ දක්ෂතාවය එයා උපතින්ම අරගෙන ආපු දෙයක්. මට මේ කලා උරැමය ලැබුණේ මගේ පියාගෙන්. ඉතින් ඊටපස්සේ මගෙන් පස්සෙ මගේ අනිත් පරම්පරාවටත් උරැමවෙලා තියෙනවා. කලාවට ළැදි ලේ උරැමය නතර කරන්න බෑ.
සෙනාලි අද වෙද්දි ජනප්‍රිය තරැණ කලාකාරියක්?
ඔව්... අද මම දකිනවා එයා මේ ක්ෂේත්‍රයේ ඉන්න විදිහ. මට හරි සතුටුයි ඒ විදිහට. බොහොම සමබර විදිහට එයා ඉන්නවා. කිසිම දේක එයා අන්තයට යන්නේ නෑ. ඒක එයාගේ මවුපියන්ගේ මඟපෙන්වීමයි. ඒ දෙන්නා සෙනාලි වෙනුවෙන් ගොඩාක් කැපවෙනවා.
ඇගේ පළවෙනි නිර්මාණය දකිද්දි මොකද හිතුණේ?
සිරිපැරකුම් දකිද්දි ගොඩාක් සතුටු වුණා. ඒක රෑගත කිරීම් කරද්දි මම දැක්කේ නෑ. හැබැයි සෝමෙයි රේණුයි මට කිව්වා මෙයා හොඳට සිරිපැරකුම් චිත්‍රපටයේ රඟපානවා කියලා. ඒ චරිතයට එයා හොඳට ගැලපුණා. ඉතින් සිරිපැරකුම් චිත්‍රපටය දකිද්දි මට ගොඩක් සතුටු හිතුණා. මගේ ඇස්වලට කඳුළු ආවා. ගැමි තරැණියක් විදිහට හිටපු සෙනාලි ගැන ඇත්තටම මට හරි ආඩම්බරයි.
සෙනාලි කියන්නේ හොඳ දරැවෙක්. අම්මාට තාත්තාට කීකරැ හොඳ දරැවෙක්. පුංචි කාලේ මගේ ආදරය දිනාගෙන හුරතල් වෙච්ච පුංචි කෙල්ල අද තරැණ පරපුර නියෝජනය කරන නිළියක්. ඉතින්... ඒ පුංචි කෙල්ල ගැන තියෙන්නේ එදා තිබුණු ආදරයමයි. ඒ ආදරේ වෙනසක් නෑ.. (saaravita)

Share this
|
|
0 Comment to "හොරෙන් කාලා ආච්චිට අහුවුණාම බේරාගන්නේ ලොකු නැන්දි"
Post a Comment