”ආයෙත් වරක්’’ ගීතයෙන් ගායන ලොවට පැමිණි ඔහු පළමු ගීතයෙන්ම මෙරට ගායන ක්ෂේත÷්‍රය තුළ නොමැකෙන සංකේතයක් තැබුවා. ප‍්‍රසංග වේදිකාවේ මෙන්ම ජනප‍්‍රිය ගායකයෙක් වන ඔහු සඳුන් පෙරේරා යි. මොහු පසුගිය දිනක තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී රිය අනතුරකට මුහුණ දුන්නා. මෙම රිය අනතුරෙන් දැඩි ලෙස තුවාල ලබා සිටින මොහුගේ සුවදුක් විමසීමට අප ඔහුට කතා කළා.
සඳුන් ගංවතුරෙන් අවතැන් වුණු අයට ආධාර දෙන්න ගිහිල්ලා රිය අනතුරකට මුහුණ දුන්නා නේද ?
ගංවතුරෙන් අවතැන් වුණු අයට ආධාර ලබාදෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒත් මම ඒක ප්‍රසිද්ධ කළේ නැහැ. මම මගේ යාළුවෙක් එක්ක එකතුවෙලා ඔවුන්ට ආධාර දෙන්න උදේ ඉදන් ? වෙනකන් අපිට පුළුවන් විදියට ආධාර එකතු කළා. ඒ ඔක්කොම පහුවෙනි දා රත්නපුරයට අරගෙන යන්න ලෑස්ති කරලා 29 වෙනි දා ? මමයි, මගේ යාළුවයි ගෙදර එන්න පිටත්වුණා. මාත් එක්ක ගිය යාළුවව ගෙදරින් දාලා ආපහු එනකොට මට ටිකක් නින්ද ගිහින් තමයි මාව ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ.
මේ ආධාර කොහෙටද දෙන්න හිටියේ ?
අපි රත්නපුරයට ආධාර ගිහින් දෙන්නයි හිටියේ. රත්නපුරයේ අපි අඳුරන ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම ඒ ආධාර ලබාදීමට අවශ්‍ය බෝට්ටු එහෙමත් සූදානම් කරලයි තිබුණේ. ආධාර එකතු කරන කූට ව්‍යාපාර එහෙමත් තියෙන නිසා ඔවුන්ගේ අතටම ඒ ආධාර සියල්ලම භාරදෙන්න අපි සියලූම කටයතු සූදානම් කළා. නමුත් අවසානයේ දවසක්, දෙකක් ප‍්‍රමාදවෙලා මම නැතුව මගේ යාළුවෙක් ගිහිල්ලා ඒ ආධාර ඔවුන් අතටම බාරදීලා ඇවිත් තිබුණා.
මේ රිය අනතුරින් ගොඩක් තුවාල වුණාද ?
දවස් 3 ක් විතර රෝහල් ගතවෙලා හිටියා. ඒ වෙලාවේ මාව ගිලන් රථයකින් රෝහලට අරගෙන ගියේ. මට නින්ද ගිය වෙලාවේ සමහරවිට වාහනේ පාරෙන් පිටතට යන්න ඇති. වාහනේ තාප්පේ පැත්තට යනවා දැක්කාම මම ඔළුව පාත් කරගත්තා. ඒ වෙලාවේ කකුල තිබුණු විදිය නිසා දැන් මගේ කකුලේ අස්ථි 2 ක් බිදිලා තියෙන්නේ. දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්න තමයි තියෙන්නේ.
ඒ වෙලාවේ මොනවගේ හැඟීමක්ද දැනුණේ ?
ගොඩක් බය හිතුණා. මේ වගේම අත්දැකීමකට හරියටම මාසයකට කලින් ඒ වෙලාවේම මම මුහුණ දුන්නා. මගේ පලවෙනි වාහනය එදා කුඩු වෙන්නම හැප්පුණා. ගොඩක් හෙමින්, පරිස්සමින් ගෙදර එන වෙලාවක ආයෙමත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නැහැ. මගේ වෙලාවේ කොතනක හරි නරක තැනක් ඇති. ඒ නිසා මෙහෙම දෙයක් වෙන්න ඇති. හරියටම මාසයක් ගෙවෙන තැනදී ඒ වේලාවෙම මහ පාන්දර මාව ආයෙම ඇක්සිඩන්ට් වුණා. වාහනේ ලිස්සලා ගිහින් තාප්පේ දකිනකොට එක තත්පරයක් තුළ මට ගොඩක් දේවල් මතක් වුණා. මෙතනින් එහාට මට මොනව වෙයිද , මගේ පවුලේ අය, මගේ වැඩ කටයුතු ඔක්කොම නවතීවි, ආයෙමත් මුල ඉදල හැමදේම පටන්ගන්න වෙයි ඒ වගේ ලොකු බයක් දැනුණා. ඒ බයත් එක්කම තාප්පේ හැප්පෙනවා විතරයි මට මතක.
දැන් කොහොමද අසනීප තත්ත්වය ?
තවම ඇක්සිඩන්ට් වෙලා සතියයි ගතවුණේ. ආයෙත් කකුල පෙන්නන්න යන්න ඕනේ. සති 6 ක කාලයක් ගල් ප්ලාස්ටර් එක දාගෙන ඉන්න ඕනේ කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ. ඇක්සිඩන්ට් වුණ වෙලාවේ ඉදන් දැන් තත්ත්වය අතර ලොකු වෙනසක් නැහැ. තවමත් ඒ වේදනාව තියෙනවා. මම මේ දක්වා කරගෙන ආපු වැඩ කටයුතු ආයෙත් ඒ විදියටම කරගෙන යන එක ගැන මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා. හෙට මොනවද වෙන්නේ කියලා මට කියන්න බැහැ. මම අවුරැුදු ගාණක් කට්ට කාලා, ලොකු දුකක් විදලා මේ තත්ත්වයට ආපු කෙනෙක් නිසා මට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මට කිසිම බයක් නැහැ. මම දන්නවා මම ආයේ
නැගිටිනවා කියලා. මගේ කකුල සුවවෙලා මාසයක් ගතවෙන්න කලින් මම ආයේ නැගිටිනවා.
රසිකයන්ගෙන් මොනවිදිහේ ප‍්‍රතිචාරද ලැබුණේ ?
මම ඇක්සිඩන්ට් වුණා කියලා ප‍්‍රචාරය වෙන්න දුන්නේ නැහැ මම. ගිය වතාවේ ඇක්සිඩන්ට් එක මාධ්‍යවල ගොඩක් ප්‍රචාරය වුණා. කවුරුහරි කෙනෙක් මගේ ෆොටෝ එකක් ෆෙස් බුක් එකේ දාලා තිබුණා. ඒ ෆොටෝ එකෙන් පෝස්ට් හදලා ගොඩක් ෆෙස් බුක් පිටුවල දාලා තිබුණා. ඒ හැම පිටුවකම තිබුණේ එකම එක දෙයයි. මම ආධාර බෙදන්න ගිහිල්ලා ඇක්සිඩන්ට් වුණා කියලා. ඒ දේ මම මේ වෙලාවේ නිවැරදි කිරීමක් කරනවා. ආධාර දෙන්න ලැහැස්ති කරලා පාන්දර ආයේ ගෙදර එනකොට මට තිබුණු මහන්සි ගතිය, නිදිමත ගතිය නිසා තමයි මේ ඇක්සිඩන්ට් එක වුණේ. කලින් අනතුරින් මටයි, දිමන්කටයි දෙන්නටම ගොඩක් විවේචන එල්ල වුණා. මම අමාරුවෙන් දුක් විඳලා හදාගත්ත ජීවිතය මත්ද්‍රව්‍යය නිසා විනාශ කරගන්න මට වුවමනාවක් නැහැ. මම දන්නවා මට ලොකු ගමනක් යන්න තියෙනවා කියලා. ඒ නිසා මට බොරු මඩ ප‍්‍රචාර එල්ල කරන්න එපා කියලා මම ඉල්ලනවා.
බාර අරගෙන තියෙන ප‍්‍රසංගවලට මොකද වෙන්නේ ?
ඇත්තටම මම ගොඩක් දුරට ඒ හැම කෙනෙක්ටම ඉදිරි සති 6 ක කාලය ඇතුළත මට ප‍්‍රසංගවලට සහභාගී වෙන්න අමාරුයි කියලා මම දැනුම් දුන්නා. නමුත් මට ආධාරකවලින් හරි ඇවිදින්න පුළුවන්කම ලැබුණොත් ඒ වෙලාවේ ඉඳන් ප‍්‍රසංගවලට සහභාගී වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ප‍්‍රසංග සංවිධායකවරුන් අපි නැති වුණාම ලොකු අමාරැුවක වැටෙනවා කියලා මම හොඳටම දන්නවා.
විදෙස් ප‍්‍රසංගවලට මොකද වෙන්නේ ?
මේ මාස 2 ඇතුළත විදෙස් ප‍්‍රසංග මම භාර අරගෙන නැහැ. සැප්තැම්බර් මාසයේ කොරියාවේ ප‍්‍රසංගයකට සහභාගී වෙන්න තියෙනවා. ඒ වගේම නැවතත් ඔක්තෝම්බර් මාසයේ කුවේට්වල ප‍්‍රසංගයක් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මට තව කල් තියෙනවා.
ප‍්‍රසංගවලට සහභාගී වෙන්න බැරි වෙනවා කියන්නේ ලොකු පාඩුවක් නේද වෙන්නේ ?
අවංකවම පිළිගන්නවා. ලොකු පාඩුවක් තමයි වෙන්නේ. අපිට වෙන ලාබ, පාඩු හැමදෙයක්ම විද දරාගෙනයි අපි ජීවත්වෙන්න ඕනේ. හැමදෙයකටම කලින් අපි ජීවත්වෙලා ඉන්න ඕනේ. මට මගේ ජීවිතය වැදගත්. මට වෙන පාඩු හැමදෙයක්ම නැවතත් මට දෙගුණයකින් වැඩි වෙලා ලාභ වෙනවා කියලා මම දන්නවා. මට ඒ විශ්වාසය තියෙනවා.
අලූතින් එන්න තියෙන සිංදු මොනවද ?
ලංකාවේ ජනප‍්‍රිය නාලිකාවක ටෙලිනාට්‍ය ගීතයක් ගායනා කළා. ඒක තමයි මේ කාලය තුළ දී මගේ අලූත් සිංදුවක් එන්න තියෙනවනම් තියෙන්නේ. මගේ ඊළඟ ගීතය බොහොම ලස්සන ආරම්භයකින් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. මම නැවතත් කරළියට එන්නේ ලොකු වෙනසක් එක්ක. මම මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් තුළදී පොඩි සංකේතයක් තිබ්බා. ”පූජා කරන්නම්’’ ගීතයෙන් ලැබුණු ජනප‍්‍රියත්වය මට තව කාලයකට ඇති. ඒ නිසා මට බය නැහැ. ලස්සන නිර්මාණයක් එක්ක මම ආයෙත් බොහොම ඉක්මනට එනවා.
මේ දවස්වල ප‍්‍රසංග වේදිකාවේ ජනප‍්‍රියම ගායකයා සඳුන් පෙරේරා කියලා ගොඩක් දෙනෙක් කියනවා නේද ?
ඒක මනින්න ක‍්‍රම තියෙනවා. වේදිකාවේ දී රසිකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර, ඔවුන්ගේ ඉල්ලූම, ප‍්‍රසංගවලට ආරාධනා ලැබෙන විදිය අනුව ඒ දේවල් මනින්න පුළුවන්. මෑත කාලයේ බිහිවුණු ලංකාවේ ජනප‍්‍රිය හැම ගායකයෙක්ම හැම ප‍්‍රසංගයක දීම වගේ මට මුණගැහෙනවා. ඒ කියන්නේ මමත් ජනප‍්‍රිය ගොන්නට අයිති වෙනවා ඇති.
ඉදිරි කටයුතු මොනවද ?
සිංදු කියනවට අමතරව වෙනත් ක්ෂේත්රමයකින් පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දේශපාලනය නම් නෙමෙයි. මම දැනටමත් පොඩි වෙනසක් කරලා තියෙන්නේ. ඒ දේ මගේ ප්රේනක්ෂකයන්ට ඉදිරියේ දී බලාගන්න පුළුවන් වෙයි.
සඳුනි ඉමල්කා. (saaravita)

Share this
|
|
0 Comment to "මගෙ වෙලාව නරකයි"
Post a Comment