12 June, 2017

ගිය අවුරුද්දේ මාතලේ දැරියන් 455ක් ගැබ් අරන්

pregnant girls Matale

මාතලේ දිස්ත්‍රික්කයේ බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම ඉහළ යමින් තිබේ. මේ වන විට ලග්ගල, විල්ගමුව සහ අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එවැනි ගැබ් ගැනීම් බහුලව වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ගංගා රත්නායක මහත්මිය පවසන්නීය.

ගතවූ වසරේදී විල්ගමුව, ලග්ගල සහ අඹන්ගඟකෝරලේ කොට්ඨාසවලින් අඩු වයස් දැරියන් 455 දෙනකු ගැබ් ගෙන ඇති බව මාතලේ මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවැති ළමා හා කාන්තා සංවර්ධන කමිටුවේදී වෛද්‍ය ගංගා රත්නායක මහත්මිය හෙළි කළාය.

සමාජ ප්‍රශ්න රැසකට හේතුවිය හැකි මේ තත්ත්වය පාලනය සඳහා දැනුවත් කිරීම් වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීම කෙරෙහි කමිටුවේ අවධානය යොමු කිරීමට දිසාපති කුමාරසිරි මහතා උපදෙස් දී ඇත. 

මාතලේ - හේවා පී. කරුණාරත්න (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගිය අවුරුද්දේ මාතලේ දැරියන් 455ක් ගැබ් අරන්"

    Post a Comment