21 June, 2017

කොළඹට එන අලුත්ම ප්‍රවාහන ක්‍රමය මෙන්න

Passenger service via canals - Ships - Boats

කොළඹ නගරයේ වාහන තදබදයට මෙන්ම ප්‍රවාහන දුෂ්කරතාවයන්ට පිළියමක් ලෙස ඇල මාර්ග ඔස්සේ මගී යාත්‍රා සේවාවන් පවත්වාගෙන යාම සඳහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැදවා තිබේනවා.

අදාල ටෙන්ඩර් පත් ලබා ගැනිම ජුලි 24 වනදා අවසන් වන අතර ඒ සඳහා හැකියාවක් සහිත ආයෝජකයන් සති 9ක් තුල ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

දේශිය මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයෙන් තාක්ෂනික සහය හිමි වනවා.

වැල්ලවත්තේ සිට බත්තරමුල්ල, කොළඹ කොටුව සහ යූනියන් පෙදෙස මෙන්ම මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වා මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමටයි මෙහිදී සැලසුම් කර ඇත්තේ. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොළඹට එන අලුත්ම ප්‍රවාහන ක්‍රමය මෙන්න"

    Post a Comment