21 June, 2017

අනාගතේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වන අපේ කෙල්ලට ලැබුණු තනතුර මෙන්න!

Jayathma Wickramanayake

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක පත් කරණු ලැබ තිබේ.

ඇයට පෙර එම ධූරය දරණු ලැබුවේ, ජෝර්දානයේ අහමඩ් අලහෙන්ඩාවි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූවේ, වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව ය.

ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා තිබේ.

1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර දැනට ඇය පශ්චාත් උපාධිය හදාරමින් සිටි.

ජයත්මා වික්‍රමනායක අධ්‍යාපනය ලබා ඇත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනාගතේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වන අපේ කෙල්ලට ලැබුණු තනතුර මෙන්න!"

    Post a Comment