අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරඟය පිළිබඳව අදහස් දක්වමින් පකිස්ථාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් විශ්වාස කල නොහැකි භයානක කණ්ඩායමක් ලෙස පවසා ඇත.
ඉන්දියාව සමගින් තරඟයට මුහුණ දීමට පෙරම පකිස්ථාන කණ්ඩායම එම තරඟය පරාජය මානසිකව පරාජය වී සිටි බවත් දකුණු අප්‍රිකා තරඟය ඇරඹීමට පෙර කණ්ඩායමේ මානසික තත්වය ඉහලට ගෙන ඒමට කල විශේෂ උපක්‍රම එම තරඟය ජයග්‍රහණය වෙත රැගෙන යාමට බලපෑ බවද පකිස්ථාන පුහුණු කරුවා පවසයි.
තම කණ්ඩායම සතුව
දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් සිටින බවත් ඉමාඩ් වසීම් හසන් අලී වැනි ක්‍රීඩකයන් පකිස්තානයට ඉදිරි වසර කීපයේ ජයග්‍රහණ ලබාදීමට හොඳ සුදානමක සිටින බවද ආතර් මහතා පවසා ඇත.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති පකිස්තාන් පුහුණු කරුවා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් තමාගේ හොඳ යාලුවෙක් බවත්ය.
“ෆොර්දී යි මායි ගොඩක් කල් සමීපව කටයුතු කරලා තියනවා වගේම අපි දෙන්න හොඳ යාළුවො ,ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ හරි අනතුරු දායී කණ්ඩායමක්,ඔවුන් ඉන්දියාව පරාජය කල විදියනම් ඇති විශිෂ්ටයි.එදා අපි දක්කේ ලංකාවේ නිර්භය ක්‍රීඩා විලාශය ඒ වගේම අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කලේ ඉන්දීය කණ්ඩායමට,අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ අවදානම් කණ්ඩායමකට.” (cricketlanka)

Share this
|
|
0 Comment to "“ශ්‍රී ලංකා පුහුණු කරු මගේ හොඳ යාළුවෙක්..”- පකිස්ථාන ක්‍රිකට් පුහුණු කරු"
Post a Comment