11 June, 2017

“එංගලන්තයේ මෑත කාලීන සාර්ථකත්වයට හේතුව මැකලම්”- ඔයින් මෝර්ගන්

Eoin Morgan

අතීතයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනුගමනය කල තරඟ රටාව වෙනස් කර ආක්‍රමණශීලී තරඟ රටාවකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ගෙන ආ නායකයා ලෙසට ඔයින් මෝර්ගන් අපට අවිවාදයෙන් හදුන්වා දිය හැකිය.

එංගලන්තයේ මෙම වෙනසට ප්‍රබල බලපෑමක් නවසීලන්තයේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ සිදුවූ බව මෝර්ගන් ඕස්ට්‍රේලියා වෙබ් අඩවියක් සමඟ පවසා ඇත.

“ඇත්තෙන්ම මම අනුකරණය කරන නායකයෙක් තමයි මැකලම් කියන්නේ,මට මැකලම් එක්ක අවුරුදු තුනක් කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනා,ඒ කාලේ ගොඩක් සමීපව ඔහුත් එක්ක වැඩ කරන්න අවසථාවක් හම්බ වුනා,එකෙන් මට ගොඩක් දේවල් ඉගනගන්න
ලැබුන,ඔහු තමන්ගේ උපායන් යොදන විදිය, ඒකට අනිත් අය සම්බන්ද කරගන්න විදිය ඇත්තටම මට ගොඩක් උදව් වුනා මගේ නායකත්ව රටාව හදා ගන්නත්.”

“මැකලම්ට හැම දේටම විකල්ප මතයක් තිබුනා,ඔහුගේ මතය කවුරු වැරදියි කිව්වත් ඔහුගේ මතයත් එක්ක ඔහු හිටියා.ඔහුත් එක්ක ක්‍රිකට් ගැන කතා කරන එකත් ගොඩක් සිත්ගන්නා සුළු දෙයක්.”

මෝර්ගන් මෙලෙස අදහස් දක්වා තිබුනේ එංගලන්ත පුහුණුකරුවකු වන පර්ල් ෆර්බෙස් පවසා තිබු ප්‍රකාශයකට පිළිතුරු සැපයීමක් ලෙසය.ෆර්බෙස් පසුගිය දිනයක පවසා තිබුනේ එංගලන්ත ක්‍රිකට් විප්ලවයේ ප්‍රදාන පාර්ශව කරුවා එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝර්ගන් බවයි.

ක්‍රිකට් පිටියේ ප්‍රතිවාදීන් ලෙස තරඟ කලද ප්‍රතිවාදීන්ගෙන් ඉගනගතහැකි දෙය ලබාගෙන ඒ සඳහා අවශ්‍ය ගරු කිරීම ලබා දෙන මෙවැනි ක්‍රීඩකයන් නිසා මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව තව දුරටත් රැකෙනු ඇත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“එංගලන්තයේ මෑත කාලීන සාර්ථකත්වයට හේතුව මැකලම්”- ඔයින් මෝර්ගන්"

    Post a Comment