07 June, 2017

වසර 33කට පසු රේගුව උතුරට

customs-sri-lanka-3

ශ්‍රී ලංකා රේගුව වසර 33කට පසු උතුරුකරයේ මෙහෙයුම් ඇරඹීමට දැන් සූදානම්.

ඒ අනුව මුලින්ම රේගු නිවාරණ අංශය කාර්යාලයක් කන්කසන්තුරේ ස්ථාපිත කෙරෙන අතර එහි සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අනුයුක්ත කිරීමට නියමිතයි.

උතුරේ රේගු මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා නාවික යාත්‍රා කිහිපයක් ද ලබා ගැනෙන බව සඳහන්.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ කලාපීය කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව ප්‍රකාශ කළේ.

උතුරේ රේගු මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය පාලනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වසර 33කට පසු රේගුව උතුරට "

    Post a Comment