19 June, 2017

සබීතාගෙ බිල්ඩිමවගේ තවත් එකක් !

Civil Aviation Authority Building

සේවකයින් 147 දෙනකු සේවය කරන සිවිල් ගුවන්සේවා අධිකාරී කාර්යාලය පවත්වාගෙන යන කාර්යාල ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

මෙම කුළි ගොඩනැගිල්ල එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතකුට අයත් එකක් බවද අධිකාරී සේවකයින් පවසති. මෙහි මාසික කුලිය ලක්ෂ 60කි.

මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කිහිපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත.

එසේ තිබියදී අධිකාරිය සඳහාත් ගොඩනැගිල්ල ඉදිකර ගැනීමේ හැකියාව තිබියදීත් මෙම මුදල කුලී මුදල් වශයෙන් ගෙවනු ලබයි.

මේ පිළිබඳව අධිකාරී පරිපාලනයෙන් කරුණු විමසා ඇති ප්‍රවාහන හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ ස්ථිර ගොඩනැගිල්ලක් කඩිනමින් පිහිටුවීමට පියවර ගෙන ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වසර එකහාමාරකට පමණ පෙර මුල්ගල් තබා ඇතත් මෙතෙක් නිමකොට ඇත්තේ තට්ටු 04ක් පමණක් බවද වාර්තා වේ. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සබීතාගෙ බිල්ඩිමවගේ තවත් එකක් !"

    Post a Comment