25 June, 2017

ෆෝර්ඩ්ගේ තැන හතුරුසිංහට…?

Chandika Hathurusingha-03

ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය අතහැර යාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ට බඳවා ගත නික් පොතා ගේ පත්වීම තාවකාලික පත්වීමක් වන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් කර ගැනීමට ක්‍රිකට් ආයතනයේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.

ග්‍රැහැම් ෆෝර්ඩ් 2019 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර ධුරයේ තබා ගැනීමට ගිවිසුමකට එළඹුනද හදිසියේ ෆෝර්ඩ් ගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවේ සැලසුම් වලට ප්‍රශ්නයක් වී ඇත.

චන්දික හතුරුසිංහ බංගලාදේශය සමඟ 2019 ලෝක කුසලානය දක්වා ගිවිසුම් අත්සන් කර ඇති අතර චන්දිකගේ පුහුනුකාලයේ බංගලාදේශය සීග්‍ර දියුණුවකට පත්ව ඇත.

හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණු කාර ධුරය කලක් හෙබවූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සමඟ ඇතිවූ ප්‍රශ්නයක් සමඟ ඔහුට තනතුරෙන් ඉවත්වීමට සිදු විය.

බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කල අවසන් අවස්ථාවේදී මාදයවේදියෙකු චන්දිකගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලබාගැනීමට ආරාධනාවක් කලොත් බාර ගැනීමට කැමතියි විමසු විට චන්දික පවසා තිබුනේ තමන් මේ තත්වයට පැමිණියේ ශ්‍රී ලංකාව නිසා වන බැවින් ඕනෑම අවසථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට තමා සුදානම් බවය. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆෝර්ඩ්ගේ තැන හතුරුසිංහට…?"

    Post a Comment