07 June, 2017

ෆේස්බුක් ආතල් වලින් ඔබ්බට ගිය හිත හොඳ තරුණයෙකුගේ උදාර මෙහෙයුම - මඩවගුරක ජීවත්වූ පවුලට ලක්ෂ 35ක නිවසක්

Chanaka Madhushanka

මීට වසරකට පමණ ඉහතදී කැළණිය එඩේරමුල්ල දුම්රිය පොල ආසන්නයේ වගුරු බිමක කනු කිහිපයක් මත ඉදිකල පැල් කොටයක ජීවත් වන පවුලක් පිළිබඳව ෆේස්බුක් සමාජජාලය තුල දැඩි කතාබහට ලක්වුණා.

ඉතා සංවේදී හදවතක් සහිත චානක මධුසංඛ නම් තරුණයෙකු මෙම පවුලට නව නිවසක් තනාදීමේ වගකීම සියතට ගත්තා.

ෆේස්බුක් සමාජජාලය හරහාම හදුනාගත් පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් ඉතා සුන්දර නිවසක් ගොඩනැගීමට ඔහු සමත්වී ඇති අතර එය එළඹෙන 11 වනදා සුභ මොහොතින් එම පවුලට ලබාදෙනවා.

කඩවත නුවර පාරට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් පර්චස් 10 කට වඩා වැඩි ඉඩම සමග නිවස කාමර දෙකක් , සාලය , කුස්සිය , බාත්රෑම් එක ඉදිරිපස කොටස සහිත අංග සම්පූර්ණ මෙම නිවස ගෘහ භාන්ඩ, සහ ඉඩම සහිතව ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුක්ත වෙනවා.

පුංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් එම දිළිදු පවුල එඩේරමුල්ල වගුරුබිමේ කණු මත නිවසක් ඉදිකරගෙන අවුරුද්දකට ඉහතදී ජීවත් වන විට එන අවුරුද්දෙ ඔවුන් හට නව නිවසක ජීවත් වීමේ වාසනාව ලැබෙයි කියා ඔවුන් හීනෙන්වත් හිතන්නට නැතිව ඇති.

ෆේස්බුක් යනු තවදුරටත් ආතල් ගැනීම සඳහාම ඇති මාධ්‍යයක් නොවේ. නිවැරදිව භාවිතා කලහොත් ෆේස්බුක් යනු රටේ දිළිදු ජනතාවට විශාල සේවයක් මේ හරහා සිදුකල හැකියි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් ආතල් වලින් ඔබ්බට ගිය හිත හොඳ තරුණයෙකුගේ උදාර මෙහෙයුම - මඩවගුරක ජීවත්වූ පවුලට ලක්ෂ 35ක නිවසක් "

    Post a Comment