07 June, 2017

'ගිනියම් රැයෙන්' හිට් වුණු චමත්කා සිනමාවට

Chamathka Lakmini - 02

චමත්කා ලක්මිණී නිරූපිකාවක් ලෙස බොහෝ ජනප්‍රිය වුණ කෙනෙක්නේ. ‘ගිනියම් රෑ’ වීඩියෝවෙන් බොහෝ දෙනා අතර ආන්දෝලනාත්මක් කෙනෙක් වුණ ඇය අලුත් වැඩක් සඳහා යොමු වෙලා කියලා තමයි ආරංචිය. 

ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් වන අතර, ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජන තරග රැසකට සහභාගි වූ ඇය මේ වනවිට නර්තන ශිල්පිනියක හා ගීත රූපරචනා සඳහා නිරූපිකාවක ලෙසද නමක් දිනා සිටින්නියක්. කොහොම වුණත් මේ ජනප්‍රිය නිරූපිකාව පළමුවරට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් නිළියක ලෙස සිනමා රංගනයකින්ම කලඑළි බසින්නට සූදානම්වන පුවතක් අපිට දැන ගන්න ලැබුණා.

ඇය නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ‘සරුංගල්’ චිත්‍රපටයේ ‘අසංකි’ කියන ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇය ඒ පිළිබඳව ඉදිරියේදී වැඩි විස්තර සඳහන් කිරීමට සූදානම් බවත් සඳහන් කරනු ලැබුවා. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'ගිනියම් රැයෙන්' හිට් වුණු චමත්කා සිනමාවට"

    Post a Comment