02 June, 2017

සිරසේ රොෂාන් රතු ඉර පනියි - ජවිපෙ බිමල් හා සටනෙදි සටනක - අනුරගේ කොන්ද ගැනත් හෙළි කරයි

Bimal - Roshan

දිවයිනට බලපෑ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මාධ්‍ය ආයතන කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය නමුත් එක් එක් නාලිකා (රාජ්‍ය නාලිකාද ඇතුළුව) තනිතනියෙන් තම මාධ්‍ය ආයතන පුම්බා ගැනීමට තැත් කිරීම අඩුපාඩුවක් බව ජනා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිරස සටන වැඩසටහනේදී ප්‍රකාශ කළා.

මෙම ප්‍රකාශය වෙනුවෙන් උරණ වූ සිරස ප්‍රවෘති අධ්‍යක්ෂ රොෂාන් වටවල මහතා සහ සිරස  මාධ්‍ය කණ්ඩායම එම අවස්ථාවේ තරමක් ආවේගශීලීව හැසිරුනා.

එහිදී රොෂාන් වටවල මහතා කියා සිටියේ "ඹබතුමා දෙබරෙට ගල් ගැසුවා" ලෙසයි. තවද ඒමහතා බිමල් රත්නායක මහතාගෙන් විමසා සිටියේ දෙදිනක් පුරා පැය 6යේ සජීවී විකාශ දෙකක් කරමින් සිරස කල මෙහෙය රත්නායක මහතා නොදුටුවේද යන්නයි.

මේ සියළු ප්‍රශ්න හමුවේ බිමල් රත්නායක මහතා පවසා සිටියේ තමන් සිරස මාධ්‍යයට පමණක් නොව සියළුම මධ්‍යයන්හි මෙම අඩුපාඩුව දකින බවත් ඒ වෙනුවෙන් හඬ නැගීමට තමන්ට කොන්දක් ඇති බවත්ය.

ඊට ප්‍රතිචාර ලෙස වටවල මහතා පැවසුවේ ජවිපේත් එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෙන්ම බිමල් රත්නායක මහතාගේ ද කොන්ද පිළිබඳව තම ආයතනය හොඳින් දන්නා බවත් ඒ පිළිබඳව තමන් හෙළිදරව් කරන බවත්ය.

කෙසේ වෙතත් එම හෙළිදරව්වන් ලෙස වටවල මහතා හුවා දැක්වූයේ ජවිපේ පොදු කටයුතු වෙනුවෙන් ලබා දුන් ප්‍රචාරක කටයුතු සම්බන්දවයි.

ඒ වෙනුවෙන් ප්‍රතාචාර දක්වමින් බිමල් රත්නායක මහතා පැවසුවේ තමන් වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන බවත් පෙදු වැඩ කටයුතු වෙනුවෙන් සිරස ලබා දුන් ප්‍රචාරය අගේකොට සළකන බවත් ඒ වෙනුවෙන් සිරිස කිසිවක් බලාපොරොත්තු නොවූ බවත්ය. එහෙත් එවැනි ප්‍රචාරක කටයුත්තකින් ඔබ්බට තම පක්ෂය හෝ තමන් කිසිදු ගණුදෙනුවක් නොකළ බව ද ඒ මහතා අවධාරණය කර සිටියා.

අදාළ සාඛච්ඡාව පහතින්.



(ඇත්ත විතිත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිරසේ රොෂාන් රතු ඉර පනියි - ජවිපෙ බිමල් හා සටනෙදි සටනක - අනුරගේ කොන්ද ගැනත් හෙළි කරයි"

    Post a Comment