20 June, 2017

ඉතා දුර්ලභ සුදු RISSO’S වර්ගයේ ඩොල්ෆින් දැකීම

Rissos Dolphin

2015 දි ළදරු වයසේ සිටින විට දුටු සුදු Risso’s වර්ගයේ ඩොල්ෆින් දෙදෙනෙක් කැලිෆෝනියාවේ මොන්ටරි මුහුදු බොක්ක අසලදී පසුගිය සතියේ නැවතත් දෘශ්‍යමාන වී තිබේ.

දැන් පැගිරි වියේ පසුවන බුබුලාකාර හිසක් සහිත සුදු Risso’s වර්ගයේ ඩොල්ෆින් නම් මෙම ඇලි සත්වයන් නිරීක්ෂණය කර ඇත්තේ “Blue Ocean Whale Watch (නිල් සමුදුරෙහි තල්මසුන් නැරඹීම)’ සංගමයේ Kate Cummins විසින්ය. සමුද්‍ර ජීවින් පිළිබද අධ්‍යනයේ යෙදෙන පර්යේෂකයන් මගින් මෙම සුදු Risso’s වර්ගයේ ඩොල්ෆින් දෙදෙනා 2015 වසරේදී දුටු මව සහ දරුවාම බව සහතික කර ගැනීමට Kate සමත්වූ අතර ඔවුන් දැන් නාමකරණයට භාජනය කර තිබේ.

වර්ණක අඩුවීම නිසා විලොපියන්ගේ ගොදුර වීමට වැඩි අවස්තාවක් පවතින බැවින් මෙවැනි සුදු Risso's වර්ගයේ ඩොල්ෆින්ගේ ජිවිත ඉතා අවදානම්ය. ඇලි සත්වයන් ලෙස දුර්වල දෘෂ්ටිය, ශබ්ද පරිවර්තනය හදුනාගැනීමේ අඩු සංවේදීතාව සහ හිරු එලියට දැඩි ලෙස නිරාවරණය වීම යන බොහෝ සෞඛ්‍ය සංකුලතා ඔවුන් හා බැදී තිබේ.

එනිසා අපහසු පාරිසරික තත්ව තුළ වසර දෙකක් පුරාවට වූ මෙම සුදු ඩොල්ෆින් දෙදෙනාගේ පැවැත්ම සතුටුදායක ප්‍රවෘත්තියක් වේ. තම ස්වභාවික පරිසරයේ ජීවත්වෙමින් හිරු එළියෙන් ආරක්ෂාවීම සදහා ඉතා ගැඹුරට පිහිනායාමට හැකිවීම ඊට හේතු විය හැකිය.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෝ ශබ්ද පරාවර්තනයෙන් හදුනාගැනීමේ පද්ධතිය දුර්වල බැවින් පිඩා විදීමට සිදුවී ඇත්නම් මෙම සතුන් දෙදෙනා වෙන අය විසින් පෝෂණය කර තිබීමටද හැකි බව සමුද්‍රික ජීව අධ්‍යනයේ පර්යේෂණ සම්බන්ධිකාරක Josh Mcinnes පවසයි.

කුඩා ඩොල්ෆින්ගේ සම මත ඩයටම්ස් (diatoms) නම් ඒක සෛලික ජලජ ශාකයන් වැඩි තිබීම නිසා ඌ කහපාටින් දිස්වෙන බවත් මොවුන් ආහාරය සදහා මීටර 200 (අඩි 660) ක් ගැඹුරු මුහුදේ දැල්ලන් රාත්‍රී කාලයේදී පමණක් ඇල්ලීම සාමාන්‍ය තත්වය බවද පැවසේ.





අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර (vidathanet)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉතා දුර්ලභ සුදු RISSO’S වර්ගයේ ඩොල්ෆින් දැකීම"

    Post a Comment