24 June, 2017

කළකිරුණු ෆෝඩ් යන්නම යයි - හේතුව මෙන්න!

anjelo-mathews-graham-ford

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වෙයි. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ නිමාවත් සමග ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගොස් ඇති අතර නිවාඩු ලබාගෙන ඔහු දකුණු අප්‍රිකාවට ගොස් ඇතත් ලබන සතියේදී ඔහු නැවතත් රාජකාරී වෙත වාර්තා කිරිමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ප්‍රධාන පුහුණුකරු අතර මත ගැටුම් ඇතිවීම හේතුවෙන් ඔහු සිය තනතුර පිළිබඳව කල කිරිමට පත්ව තිබේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් පත්වූ අසංකු ගුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි බලතල පවරා ඔහුට කණ්ඩායම තුළ වැඩි බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු බවට පත්කිරිමද ෆෝඩ් කනස්සල්ලෙන් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ෆෝඩ් හා ගුරුසිංහ අතර කිසිඳු පෞද්ගලික ගැටීමක් නොමැත. 2011 වසරේ පටන් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පුහුණුකරුද ඇතුළුව පුහුණුකරුවන් 11ක් පමණ කණ්ඩායමට යොදාගෙන තිබේ.

ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග 2019 වසරේ එංගලන්තයේ පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලානය තෙක් ගිවිසුම් ගතව සිටී. මිට ඉහතදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ෆෝඩ් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් කළමනාකරණය කිරිම පිළිබඳව සුවිශේෂී සේවයක් කළ හැකි පුද්ගලයෙකු ලෙස පිළිගැනෙයි.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංක තරග සංචාරය එළැඹෙන 30 දා ගාල්ලේදි පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භවීමට නියමිතය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කළකිරුණු ෆෝඩ් යන්නම යයි - හේතුව මෙන්න!"

    Post a Comment