25 June, 2017

මාතර ඉඳන් මහරගමට හයිවේ ආපු ලංගම බස් එකක් ඇතුලේ වෙච්ච කැත වැඩක් (Video)

CTB Bus violence

ලංගම වගේම පෞද්ගලික බස් රථයකට නගින ඕන කෙනෙකුට තමන් කැමති අසුනක ඉඳගන්න පුළුවන්.

කොන්දොස්තරගේ හරි රියදුරුගේ හරි කැමැත්ත තියෙන තැනක අසුන්ගන්න ඕනේ කියලා නීතියක් තවමනම් පනවලා නැහැ.

හැබැයි මාතර ඉඳන් මහරගම දක්වා ගමන් කරපු අධි සුඛෝපභෝගී බස් එකක ඇතුවුණු ඒ වගේ ප්‍රශ්නයක් ගැන අපිට මුහුණුපොතෙන් දකින්න ලැබුණා.

ඒ තමයි මාතර ඉඳන් මහරගම දක්වා ගමන් කරන බස් එකකට නැගපු තරුණයන් පිරිසක් රියදුරු හා කොන්දොස්තරගේ කැමැත්ත මත බලහත්කාරයෙන් වෙනස් ආසනයක අසුන්ගත කරන්න හදපු සිද්ධියක්.

රු 445 වලංගු ටිකට් පතක් මිලදීගෙන හිස් ආසන තියෙද්දි තමන් කැමති ආසනයක වාඩිවෙන්න නොලැබීම අසාධාරණයක් කියලයි ඔවුන් කියන්නේ.

මේ වැඩේට විරුද්ධව කතා කළා කියලා රියදුරු හා කොන්දොස්තර තර්ජනය කළ බවත් අශෝභන ලෙස බැන වැදුනු බවත් මෙම සිද්ධියට මුහුණ දුන් අයෙක් වීඩියෝවක් සහිතව මුහුණු පොතට එක්කරලා තිබුණා.

එම වීඩියෝව සහ සටහන පහතින්…

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාතර ඉඳන් මහරගමට හයිවේ ආපු ලංගම බස් එකක් ඇතුලේ වෙච්ච කැත වැඩක් (Video)"

    Post a Comment