26 April, 2017

මුලින් විහිළුවට ඇඟපත අල්ලා පසුව දූෂණය කර මවගේ දෙවන සැමියා දැරිය ගැබිණියක් කරලා

Rape-School Girl

තම මව විවාහවී සිටින දෙවන සැමියා විසින් 18 හැවිරිදි පාසල් සිසුවියක බලහත්කාරයෙන් දූෂණය කොට තුන්මස් ගැබිණියක බවට පත්කොට ඇති පුවතක් නානුඔය පොලිසියෙන් වාර්තා වනවා.

ඇය නුවරඑළිය නගරයේ ප්‍රධාන පෙළේ පාසලක උසස් අධ්‍යාපනය ලබන්නියක වන අතර ඇයගෙන් හෙළිකරගත් තොරතුරු අනුව ඒ මොහොතේම ක්‍රියාත්මක වී ඇති නානුඔය පොලිස් ස්ථානාධිපති සැකකරු එදිනම (24) අත්අඩංගුවට ගෙන ඇත.

වතු කම්කරු රැකියාවට අමතරව ත්‍රීවීල් රැකියාව කර ඇති ඔහු 48 හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.

සිසුවියගේ පියා මවගෙන් වෙන්වූ පසු මව මොහු සමඟ නීත්‍යනුකූලව යළි විවාහ වී දරුවන් සමඟ එකම නිවෙසක පදිංචිව සිට ඇත.

මෙයට මාස 3කට පමණ පෙර එම මව රට රැකියාවකට ගොස් ඇත්තේ අවුරුදු 18 හා 16 වයස්වල පසුවන දියණියන් දෙදෙනා දෙවන සැමියාට භාරදීමෙන් පසුවයි.

පෙරේදා (24) දැරියන් දෙදෙනා නිවසේ නැති බව පවසමින් සැකකාර බාප්පා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. මේ අතර තුර නානුඔය නගරාසන්නයේ තේ වත්තක් තුළ යා යුතු තැනක් නැතිව අසරණව සිටිනා තරුණ ගැහැනු දරුවන් දෙදෙනකු දැක ඇති අසල්වාසීන් ඔවුන් දෙදෙනා නානුඔය පොලිසිය වෙත කැඳවාගෙන ගොස් භාරදී තිබෙනවා.

මෙම දැරියන්ගේ හැසිරීම් ගැන සැකසිතූ පොලිස් ස්ථානාධිපතිවරයා දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම සිදුවීම අනාවරණය කරගෙන ඇත්තේ.

මව රට ගිය පසු තමා අමතර පන්තිවලට ත්‍රීවීල් රථයෙන් කැඳවාගෙන යන බාප්පා මුලින් විහිළුවට මෙන් ඇඟපත අල්ලමින් සිට පසු දිනෙක තමා බලහත්කාරයෙන් දූෂණය කළ බව පවසා තිබෙනවා. ඉන් අනතුරුව ඔහු දිගින් දිගටම එය සිදු කර ඇති අතර එයින් බේරීමට නොහැකිව නංගීද සමඟ බගවන්තලාව ප්‍රදේශයේ ජීවත්වන ආච්චීගේ ගෙදර යෑමේ අදහසින් නිවෙසින් පිටවූ බවද ඇය පවසා තිබෙනවා.

සිසුවිය නුවරඑළිය මහ රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන කළ අතර පෙරේදා (24දා) අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුලින් විහිළුවට ඇඟපත අල්ලා පසුව දූෂණය කර මවගේ දෙවන සැමියා දැරිය ගැබිණියක් කරලා"

    Post a Comment