19 March, 2017

113ක් පණපිටින් වැළලෙයි

Ethiopia landfill
ඉතියෝපියා කුණු කන්දේ ඛේදවාචකය

ලංකාවේද කුණු කඳු එමටය. ලෝකයේ තවත් රටවලද එසේමය. එත් ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර කුණු කන්දට ඒ සියල්ලම පැරදුණි. අවුරුදු 50ක් තිස්සේ කුණු ගොඩ ගැසී තැනුණු මේ කන්ද පසුගිය ඉරිදා හදිසියේ කඩාපාත් වුණේය. කන්ද සෙවණේ වසර ගණනක් ජීවත් වූ 113ක් පණපිටින් වැළලී ගියේය. 

දිවි බේරාගෙන එළියට බඩගා ගත් පිරිස 37ක් බව කියයි. බ්‍රහස්පතින්දා වනවිටත් බැකෝ යන්ත්‍ර යොදා මේ මහා කන්ද අවුස්සමින් මලමිනී සෙවීම නිමවී තිබුණේ නැත. දින තුනක ශෝක කාලයක් රටපුරාම දැන් පනවා හමාරය. පන්සියයකට වැඩි පිරිසක් කුණු
කඳු අවුස්සමින් සිටි බව වාර්තාවේ. ලක්ෂ 40ක් ඉන්නා නගරයෙන් වසරකට කුණු ටොන් ලක්ෂ 3 බැගින් මෙහි ගොඩගැසෙනා බවද වාර්තා වී තිබේ.

පසුගිය අවුරුදුවලදීද කුණු කන්ද ටික ටික කඩා වැටී දෙන්නෙක් තුන්දෙනෙක් මියගිය බවට වාර්තා විය. නමුත් එහේ බලධාරීන්ද මෙහේ වගේම ඒ ගැන එතරම් හිතට ගත්තේ නැත. ඒ වෙනුවට ඩොලර් ලක්ෂ 1200ක් වැයකර මේ කුණු කන්ද යොදා මෙගාවොට් 50ක විදුලිය උත්පාදනය කරන්නට හැකි බවට ඔවුන් වගාඩම්බර දෙසා තිබුණි. ඒත් කුණු කන්ද යට ජීවිත තිබුණේ අනතුරේය. 

රට පසුගිය ඔක්තෝබරයේ සිටම තිබුණේ හදිසි නීතිය යටතේය. කන්ද පාමුල මිනිස්සුන්ගේ අඳෝනා කන්දට ඇසෙන්නේ අද ඊයේ සිට නොවේ. ඉතින්, අන්තිමේ මේ සියල්ල දරාගත නොහැකිවාක් මෙන් කන්ද කඩා වැටුණේය.

_දේශය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "113ක් පණපිටින් වැළලෙයි"

    Post a Comment