
චීනය, ඉන්දියාව, තායිවානය, සිංගප්පූරුව ආදී දකුණු ආසියානු රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතිය අඩු භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වා අලෙවි කිරීම වැළැක්වීමේ නීති ගෙන ඒමට රජය තීරණය කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත
ඇන්ටි ඩම්පින් ලෝ වශයෙන් පවතින නීතිය සංශෝධනය කරමින් ගෙන එන මේ නීතිය හේතුවෙන් අඩු පිරිවැයක් දරා නිෂ්පාදනය කරන තත්ත්වයෙන් බාල විද්‍යුත් ඉලෙක්ටේරානික භාණ්ඩයන්හි සිට රථවාහන දක්වාම බාල භාණ්ඩ මෙරට වෙළෙඳ පොළේ අලෙවි කිරීම තහනම් කෙරෙනු ඇත.
යහපාලන රජය දිවයින පුරා ඇති කිරීමට අපේක්ෂා කරන කර්මාන්තපුරයන්හි නිෂ්පාදනවලින් ශ්‍රී ලාංකිකයන්ට වැඩි ආදායමක් උපයා ගැනීමේ පියවරක් ලෙස නව නීතිය සම්මත කරනු ලබයි.
-ලසන්ත වීරකුලසූරිය_ලක්බිම
-ලසන්ත වීරකුලසූරිය_ලක්බිම
Share this
|
|
0 Comment to "බාල බඩු තහනම්"
Post a Comment